Chapter 10

1.7K 384 54
                                    

කාලය වේගයෙන් ගෙවිලා ගිහින් ඉස්කෝලෙ විභාගයත් ළංවුනා..මේ ඉස්කෝලෙදි තමන් මුහුණ දෙන පලවෙනි විභාගය නිසා ටේ ගොඩක් මහන්සි වෙලා පාඩම් කරා..ඒ හොදම result එකක් බලාපොරොත්තුවෙන්..ඒ නිසා ටේ විභාගෙට මුහුණ දුන්නෙත් ලොකු උනන්දුවකින්..
  කොහොමහරි ටේට තමන්ගෙ පලවෙනිම විභාගයෙන් හොදම result එකක් ගන්න පුලුවන් වුනා..ටේ ඒ ගැන හිටියෙ ලොකු සතුටකින්.ජිනුත් හැමදාම වගේ මේ පාරත් එයාගෙ පන්තියේ පළවෙනියා..ටේ ඒ ගැනත් ගොඩක් සතුටු උනා..
ටේ නූනාට තමන්ගෙ result ගැන කිව්වෙ ලොකු සතුටකින්..ඒ නිසාම නුනා පහුවදාම ගෙදර ආවෙ ඒක සමරන්න..
  
  " මම දන්නවා මගේ මල්ලිලා දෙන්නම ගොඩක් දක්ශයි කියලා..මට ඔයාලා දෙන්නා ගැන ගොඩක් ආඩම්බරයි.."

නූනා කිව්වෙ ටේගෙයි ජින්ගෙයි අත්වලින් අල්ලගෙන ආදරෙන් එයාලව වැළදගනිමින්..
නූනා උපාධිය අරගෙන ඉවර නිසා ඉක්මනින්ම marry කරන්න ලෑස්තියෙන් තමා හිටියෙ..marry කරලා පොඩි කාලෙකින්ම ඒ දෙන්නා ඇමෙරිකා යන්න සැලසුම් කරගෙන හිටියා..නූනාට වුවමනා උනේ university exam එකෙන් පස්සෙ ටේ ජින් දෙන්නවත් ඇමෙරිකාවට ගෙන්න ගන්න..එයා යන්නත් ටිකක් අදිමදි කරත් ටේ කොහොමහරි එයාගෙ හිත හැදුවා..
ජිනුත් අක්කා යනවට අකමැත්තක් පෙන්නුවෙ නෑ..ඒත් එයාගෙ හිතේ මොනවා තියෙනවා ඇතිද කියලා ටේ කල්පනා කරා..ජින් එයාගෙ හිතේ මොනවා තිබුනත් ඒ කිසිම හැගීමක් පිටතට පෙන්නුවෙ නෑ..එයාගෙ ඇස් වල හැමවෙලේම තිබුනෙ කිසිම හැගීමක් නැති සීතල බැල්මක්..ඒ නිසා ටේ කොච්චර උත්සහ කරත් එයාට කිසිම වෙලාවක ජින්ව තේරුම් ගන්න බැරිඋනා..

නූනාගෙ wedding එකට ටේ ජින් දෙන්නා ගියේ එකට.එදා දෙන්නම ගොඩක් ලස්සනයි..wedding එකට ආව ලස්සනම පිරිමි ලමයි දෙන්නා වුනේත් මේ දෙන්නා..ඒ නිසාම ගොඩක් ගෑනු ලමයි උනන්දුවෙන් මේ පිරිමි ලමයි දෙන්නා දිහා බැලුවා..❤️
Wedding hall එකට ඇතුලු උන ටේ ජින් එක්ක ගියේ මනමාලිගෙ කාමරේ හොයාගෙන..නූනා කාමරේ wedding එකට සූදානම් වෙවී හිටියා..එදා නූනා නිකන් සුරංගනාවියක් වගේ ලස්සනයි..ටේ කවදාවත් නූනාව මේ තරම් ලස්සනට දැකලා තිබුනේ නෑ..එයාට එකපාරටම මතක් උනේ එයාගෙ අයියාව..අද අයියාගෙ ආදරය වෙන කෙනෙක්ගෙ වෙනවා..ටේට දරාගන්න බැරුව කදුලු ආවත් ටේ කොහොමහරි ඒක නවත්තගත්තා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now