💜️Last chapter💜️

2.2K 402 105
                                    

මොනතරම් අකමැති උනත් ටේගෙ වදකිරීම නිසාම අන්තිමේදි ජින් කැනඩා යන්න තීරණය කරා....
ජින් තව මාසයකින් තමන්ගෙන් සෑහෙන දුරකට යන බව මතක් වෙද්දිත් ටේගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි තරමේ වේදනාවක් ...ඒත් ඒ හැම වේදනාවක්ම ඉවසගෙන ටේ ජින්ට කැනඩා යන්න බල කරේ ජින්ගෙම යහපතට.....
ඒ වගේම මොනතරම් දිග කාලයක් ගත උනත් තමන්ට ජින් එක්ක ආපහු එකතු වෙන්න ලැබෙයි කියලා ටේ හැමවෙලේම තදින්ම විශ්වාස කරා.......
ඒ නිසා ටේ හිතුවෙ තමන්ට ජින් ගියාට පස්සෙ හිත හදාගන්න පුලුවන් වෙයි කියලා.....
ඒත්......ඒක කරන්න පුලුවන් වෙයිද???

නූනාත් ජින්ට වෙන රටකදි පුහුණුවක් ලබාගන්න පුලුවන් වෙන එක ගැන ගොඩක් සතුටු උනා..එයා නම් කිව්වෙ කීයටවත් මේ චාන්ස් එක මගඇරගන්න එපා කියලයි...

ජින්ට හැමදේම ලෑස්ති කරගන්න තිබුනේ බොහොම සුලු කාලයයි...ටේත් ජින්ගෙ හැම වැඩකදිම ජින්ගෙ උදව්වට ආවා.....ජින් හැමතැනදිම හිටියෙ ගොඩක් උදාසීන විදියට...වැඩ කරෙත් ඕනේවට එපාවට වගේ.....

" හ්‍යොන්ග්...මොකද  ඔයා ඔය විදියට  ඉන්නෙ...."

ටේ ට නිතරම ජින්ගෙන් අහන්න සිද්ධ  උනේ ඔය ප්‍රශ්නෙමයි...
ඒත් ඒ හැම වෙලාවකම ජින් හිටියෙ නිහඩවම කල්පනා කරමින්....
ජින්ගෙ නිහඩතාවය ඉදිරියේ ටේටත් කියාගන්න දෙයක් තිබුනේ නැති තරම්..ටේට ලොකු සුසුමක් පිටවුනේ ඉබේටම වගේ.....

මාසයක් ගත වෙලා ගියේ ඇහිපිල්ලමක් ගහන තරම් වේගයකින්....
ජින් කැනඩා යන දවස ඉක්මනින්ම උදා උනා.. එදා උදෙන්ම නැගිටපු ටේ වේලාසනින්ම ලෑස්ති වෙලා සාලෙන් වාඩි වෙලා බලාගෙන හිටියෙ ජින් එක්ක එයාර්පෝට් යන්න හිතාගෙන...
ඒත් සෑහෙන වෙලාවක් යනකල් ජින් පහලට ආවෙම නෑ...
ටික වෙලාවක් බලාගෙන හිටපු ටේ නොයිවසිල්ලෙන් සෝෆා එකෙන් නැගිටලා පඩිපෙල ගාවට ඇවිත් ජින්ට කතා කරා...

" හ්‍යොන්ග් ....ඔයා පරක්කු උනොත් ඔයාගෙ ෆ්ලයිට් එක ඔයාට මිස් වෙයි..ඉක්මනින් එන්න...ඔයා මොකද කරන්නෙ ?? "

ආපහු ඇවිත් සෝෆා එකෙන් වාඩි උන ටේ තමන්ගෙ අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා....ඒ එක්කම ටේට දැනුනේ අමුතුම හැගීමක් ...
තව..පොඩි කාලයකින් ජින් තමන්ගෙන් දිගු කාලයකට වෙන් වෙන්න යන බව මතක් වෙනකොට එකපාරටම  ටේගෙ පපුව දිගේ විදුලියක් වගේ ගලාගෙන ගියේ ටේටත් නොදැනීමයි....
ජින්ගෙත් ටේගෙත් හමුවීමට දිගු විරාමයක් තැබෙන්න තියෙන්නෙ තව සුලු මොහොතයි....

Until we will meet again🖤(Completed)Where stories live. Discover now