Chapter 9

1.6K 357 36
                                    

පහුවදා උදෙත් ටේ ඉස්කෝලෙ  ගියපු ගමන් කරේ සූ මින්ව හොයපු එක..එදා නම් සූ මින් ඉස්කෝලෙ ඇවිත් හිටියා.එයා හිටියෙ පන්තියේ ඇතුලෙ හිටියෙ යාලුවෙක් එක්ක කතා කරමින්.ටේ පන්තියෙන් එලියට වෙලා සූමින් ට කතා කරා..
  " යා....සූ මින්.."
ටේගෙ කටහඬ ඇහිලා ටේ දිහා හැරිලා බලපු සූ මින් පන්තියෙන් එලියට ආවා.
  " කොහොමද ටේ...?? "

" හොදයි..සූ මින්..එදා..මතක ඇති ඔයාට..ඔයා එදා මට දෙයක් කියන්න හැදුවා නේද? ඔයා ඉන්නෙ ප්‍රශ්නෙක නම් ඔයාට පුලුවන් මට කියන්න..එදා අර මෝඩයා නිසා ඔයාට ඒක කියන්නත් බැරි උනානෙ.."

" ආ...ඒක..ඒක මේ..."
සූ මින් ටික වෙලාවක් ටේ දිහා බලාගෙන හිටියෙ හරියට කියන්නද නොකියන්නද කියලා කල්පනා කරන්න වගේ..ටික වෙලාවක් කල්පනා කරපු සූ මින් සුසුමක් හෙලලා කතා කරා..
   " ඒක ඒ තරම් දෙයක් නෙවේ ටේ...මම ඒක විසදගත්තා..ඔයා ඒ ගැන හිතන්න එපා..මම හොදින්..ගොඩක් ස්තූතියී ඔයාට..මම ගැන හිතුවට.."
ඒත් ටේට නම් සූ මින් ගෙ මේ කතාව ප්‍රශ්නයක්..
" ඔයාට හොදටම විශ්වාසද සූ මින් ප්‍රශ්නයක් නෑ කියලා..."

" ඔව් ටේ..ඇත්තමයි..මම හොදින්.."
ටේ සූ මින්ට සමුදීලා පන්තියට ඇවිදගෙන ගියා..
" ඒයා ඒක මට නොකිව්වෙ මට කියන්න තරම් උවමනා දෙයක් නොවන හින්දා වෙන්නැතිනෙ..ඒ නිසා ප්‍රශ්නයක් නැතුව ඇති.."
කල්පනා කර කර ඇවිදගෙන ගියපු ටේ දැක්කෙ ඈත තේ වොන් තමන්ගෙ යාලුවො කල්ලියත් එක්ක කැන්ටිම දිහාට යන විදිය..ඒක දිහා බලාගෙන හිටපු ටේගෙ මූනට ආවෙ කපටි හිනාවක්..ඊටපස්සෙ ටේ ඉක්මනින් පන්තියට ගියේ ජිමින් හම්බවෙන්න..

   ඉස්කෝලෙ විවේක වෙලාවදි කැන්ටිමට වෙලා හිටපු තේ වොන්ට වටේ ඉන්න ලමයින්ගෙ අමුත්තක් තේරෙන්න ගත්තා..කැන්ටිමේ හිටපු හැම ලමයෙක්ම තමන්ගෙ දිහා බල බල හිනාවෙන විදිය නම් තේ වොන්ට ඇල්ලුවෙ නෑ..එයා තමන්ගෙ යාලුවෙක් දිහාට හැරුනා..
  " යා....මොකද මේ හැම ළමයෙක්ම මගේ දිහා බල බල නෝන්ඩි විදියට හිනාවෙන්නෙ?? මේ..මේ මගෙ දිහා බලනවා..මගෙ මූනේ මොනවාහරි තියෙනවාද ?? "

" නෑ...මොකුත් නෑ..යා....තේ වොන්.ඇයි ඔයාම ගිහින් ඒ ගැන අහන්නැත්තෙ.."

Until we will meet again🖤(Completed)Where stories live. Discover now