Chapter 12

1.6K 356 48
                                    

" සර්..මේක කරන්න ඇත්තෙ අපේ පන්තියේ kim taehyung කියන පිරිමි ලමයා..!!! "

පන්තියේම තිබුනු නිහඩතාවය බිදිමින් කවුදෝ උත්තරයක් දුන්නා..ඒත් එක්කම කලබල උන හැමෝම වටපිට බලන්න ගත්තෙ කවුද ඒ උත්තරය දුන්නෙ කියලා  හොයන්න..
පන්තියේ පිටිපස්සට වෙලා අත් දෙකත් බැදගෙන පුටුවට හේත්තු වෙලා නිහඩවම හැමදේම අහගෙන හිටපු ටේ ගැස්සිලා පුටුවෙන් කෙලින් උනේ හිතුවෙවත් නැති වෙලාවක තමන්ගෙ නම කියවෙනවා ඇහුනු නිසා..ටේ මොකුත්ම හිතාගන්න බැරුව වටපිට බැලුවෙ කවුද තමන්ගෙ නම කිව්ව කෙනා කියලා බලන්න...
ඒ වෙලාවෙ ටේ දැක්කෙ තමන් දිහා දුශ්ට විදියට බලාගෙන ඉන්න තේ වොන්ව..ටික වෙලාවක් තේ වොන්ගෙ මූන දිහා ගල් ගැහිලා වගේ බලාගෙන හිටපු ටේ එක දෙයක්  තේරුම් ගත්තා..

" තේ වොන් හදන්නෙ මේ වෙලාවෙ මගෙන් පලිගන්න...!!! "

" කවුද Kim taehyung කියන්නෙ..? "

ටේ කල්පනාවෙන් මිදුනේ පොලිස් පරීක්ශකයාගෙ කටහඬ නිසා..මේ වෙද්දී පන්තියේ හැමෝම බලාගෙන හිටියෙ ටේ දිහා..ඒ නිසා කරන්නම දෙයක් නැතිව උනත් ටේ හෙමින් හෙමින් අතක් උඩට ඉස්සුවා

" ම...මම..."

" ඇයි ඔය ලමයා මෙයා ඒ දේ කරා කියලා කියන්නෙ..?? "

ඒ පාර පොලිස් පරීක්ෂකයා ඇහුවෙ තේ වොන් දිහාට හැරිලා..තේ වොන් දිගටම කතා කරන්න ගත්තා..

" එයා මේ විදියට group එකට එඩිට් කරපු ෆොටෝ අප්ලෝඩ් කරලා හැමෝගෙම අවධානය ගන්න ට්‍රයි කරපු පලවෙනි වතාව මේක නෙවේ සර්..මීට කලිනුත් එයා මේ වගේම දෙයක් කරා..ඒ මට..මම ඒකෙන් හුගාක් ලැජ්ජ උනා..ඒත් මම පිරිමි ලමයෙක් නිසා ඒක මේ තරම් කලබලයක් උනේ නෑ..මේ පාර  නම් එයා කරේ ලොකුම වැරැද්දක්.."

" එයා මීට කලින් මෙහෙම දේකට සම්බන්ධ වෙලා තියෙනවාද ?? "

Police officer පන්තියේ ටීචර් දිහාට හැරිලා ඇහුවා..ටීචර් උත්තර දුන්නා..

" ඔව්..එයා තේ වොන්ගෙ ෆොටෝස් වගයක් ගෑනු කෙනෙක් විදියට එඩිට් කරලා අප්ලෝඩ් කරලා තිබුනා..ඒත් පස්සෙ එයාම ඇවිත් පිළිගත්තා ඒවා අප්ලෝඩ් කරේ එයාමයි කියලා..ඒ නිසා අපි එයාට දඩුවම් දුන්නා..ආයෙත් එහෙම දෙයක් නොකරන්න එයා ඒ වෙලාවෙ පොරොන්දු උනා.."

Until we will meet again🖤(Completed)Where stories live. Discover now