Chapter 23

1.4K 320 32
                                    

වේගයෙන් ගතවුනු දින කීපයකට පස්සෙ ජින් ආපහු ඉස්කෝලෙ යන්න පටන් ගත්තා...ජින්ට සති දෙකක ඉස්කෝලෙ තහනමක් දුන්නත් University exam ලග නිසා ජින්ට ගෙදර ඉන්න සිද්ධ උනේ එක සතියයි..
ගුරුවරුන්ගෙ සෑහෙන අවවාද මැද්දෙ දඩුවම් කාලය ඉවර වෙන්නත් කලින් ජින්ට ආපහු ඉස්කෝලෙ එන්න පුලුවන් උනා...
තමන් ගැන ලමයි කතාවෙන කිසිම දෙයක් ගණනකටවත් ගත්තෙ නැති ජින් නිහඩවම තමන්ගෙ ඉගෙනුම් කටයුතු වලටම විතරක් අවධානය දුන්නා..

උදේ කාලච්ඡේද කීපයක් ගත උනාට පස්සෙ පුස්තකාලයට ගියපු ජින් හිටියෙ සටහනක් ලියමින්..ඒ වෙලාවෙ මේසයේ තමන්ට මුහුණලා ඉස්සරහින් තිබුනු පුටුවේ කවුදෝ ඇවිත්  වාඩි වෙන බව ජින්ට දැනුනා..ඒත් ජින් දිගටම සටහන ලියමින්ම හිටියේ ඒ කෙනා දිහා ඔලුව උස්සලාවත් බලන්නෙ නැතුව...ටික වෙලාවක් ගතවුනා...

" පේන විදියට හ්‍යොන්ග් සෑහෙන්නම බිසී වගේ....."

ඒ හුරුපුරුදු ඇමතුමත් එක්කම ජින් ගෙ සටහන් ලිවිල්ලත් එක්වරම නැවතිලා ගියා..ඒ එක්කම ජින් හෙමින් ඔලුව උස්සලා බැලුවෙ තමන්ගෙ ඉස්සරහ වාඩි වෙලා තමන්ව අමතපු ඒ කෙනා දිහා..

සුපුරුදු හුරුබුහුටි හිනාවෙන් ටේ ජින්ගෙ ඉස්සරහ වාඩි වෙලා ජින් දිහා බලාගෙන හිටියා...
ජින් ටික වෙලාවක් ගල් ගැහිලා වගේ ටේ දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන්..ජින් දිහා බලාගෙන හිනාවුනු ටේ ආපහු කතා කරන්න පටන් ගත්තා..

" හ්‍යොන්ග් .....පුදුම උනාද? ඇත්තටම මම උදේ ඉදන් හ්‍යොන්ග්ව හෙව්වා..ඒත් දැන් තමයි හ්‍යොන්ග්ව අල්ලගන්න පුලුවන් උනේ..මට දැන් ඉස්සර වගේ ඉස්කෝලෙ පුරා ඇවිදින්න වත් බෑනෙ...පේන විදියට මම ආපහු ඉස්කෝලෙ ආව එකට ළමයි හැමෝම වගේ පුදුම වෙලා..එයාලා හිතන්න ඇති මම ඉස්කෝලෙන් අස් වෙන්න ඇතී කියලා..." .

ජින් තවමත් නිහඩවම ටේ දිහා බලාගෙන හිටියෙ ටේට කතා කරන්න ඉඩ දීලා...
සුසුමක් හෙලපු ටේ ආපහු කතා කරන්න ගත්තා..

" මම හ්‍යොන්ග් කියපු දේවල් ගැන සෑහෙන්න කල්පනා කරා..ඇත්තටම මම බයගුල්ලෙක් වගේ ඉන්න එක තේරුමක් නෑ තමයි...මම තීරණය කරා කාලයට ඉඩ දෙන්න...මම වැරැද්දක් කරලා නැති නිසා කාලයම ඉක්මනින් මේ හැමදේටම උත්තරයක්  දෙයි කියලා මම හිතනවා..එකයි මම ආපහු ආවෙ..මගෙ හීන නැතිකරගන්න මම කැමති නෑ...අනික........තවත් මම තනිවෙලා නෑනේ......"

Until we will meet again🖤(Completed)Where stories live. Discover now