Chapter 30

1.5K 322 23
                                    

වසර දෙකකට පසු..............

උදාවූ වසන්තය ඇත්තෙන්ම අතිශයින්ම සුන්දර චිත්‍රයක් වුණා..
පැහැදිලි අහස , සුවදායක දේශගුණය සෑම කෙනෙක්ගේම හිත් වල ඇති කළේ ලොකු ප්‍රබෝධයක්...

ටේ තමන්ගෙ මිතුරන් පිරිසත් එක්ක University එකෙන් එළියට ආවෙ හිතේ ඇතිඋන ලොකු සැහැල්ලුවකින්....

" අද ලෙක්චර්ස් නම් හරිම බෝරින්..මම බලන් හිටියෙ කොයි වෙලාවෙ අපිට එළියට යන්න ලැබෙයිද කියලා.."

ටේගෙ යාලුවෙක් අමනාපෙන් වගේ කිව්වෙ ලොකු ඈනුමකුත් අරිමින්..
දග හිනාවක් එක්කම ටේ එයාගෙ ඔලුවට ඇහුවා...

" යා.....ඔයා ඔය තරම් හයියෙන් ඈනුම් අරින්නෙ මොකද මේ මහ දවල්??..පුදුම කම්මැලියෙක් තමයි...."

" ඉතින් ඇත්තටම මට කම්මැලීනෙ ටේ..."

යාලුවා තමන්ගෙම ඔලුව අතගාන්න ගත්තෙ අමනාපෙන් වගේ...
ටේගෙ අනික් පැත්තෙ හිටි ගැහැණු ලමයා කතා කරන්න ගත්තෙ සිනාමුසු මුහුනෙන්...

"ඔයාට ඔය තරම් කම්මැලීනම් අද අපි කැෆේ එකකට යමු...නැත්තන් කැරොකේ එකකට යමු...හොදට විනෝද වෙන්න පුලුවන්..ටේ ඔයත් එනවා නේද ? "

ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් ටේ වටපිට බලන්න ගත්තෙ එක්තරා කෙනෙක් බලාපොරොත්තුවෙන් ..තමන් බලාපොරොත්තු උන කෙනා ඈතට වෙලා තමන් දිහාම බලාගෙන ඉන්න විදිය දැකපු ටේගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්..
ඒ හිනාවත් එක්කම ටේ තමන්ගෙ යාලුවො දිහාවට හැරුනා...

" මියානේ...මට අද එන්න වෙන්නෙ නෑ..මට වෙන ගමනක් යන්න තියෙනවා ..අපි පස්සෙ හම්බවෙමු.."

ඒ එක්කම ගෑනු ළමයා ටේගෙ අතක එල්ලිලා එක දිගටම ටේට ආයාචනා කරන්න පටන් ගත්තා...

" අනේ ටේ...ඔයත් එනවානම් කොච්චර හොදද?? අනේ එන්නකෝ අනේ අනේ..ටේ...."

ටේ අමාරුවෙන් තමන්ගෙ අත නිදහස් කරගෙන එතනින් පිටවෙලා ආවෙ යාලුවන්ට අත වනමින්...

" වෙන දවසක එනනම්..අපි පස්සෙ හම්බවෙමු යාලුවනේ....."

යාලුවන්ගෙන් සමුගත් ටේ ඉක්මන් ගමනින් ඇවිදගෙන ආවෙ බයික් එකේ වාඩි වෙලා තමන්ව බලාපොරොත්තුවෙන් හිටි ඒ කෙනා ලගට....

Until we will meet again🖤(Completed)Where stories live. Discover now