Chapter 22

1.5K 350 34
                                    

ජින් ආපහු සැරයක් හොදට කාඩ් එක පරීක්ෂා කරලා බැලුවා..

" ඔව් මේ ඒක වෙන්න පුලුවන්.."

පේන විදියට බඩු අස් කරද්දි ටේ ගෙ අතින් මේ සුපර් මාකට් එකේ කාඩ් එක වැරදීමකින් වැටිලා වගේ..
 
  තනියම කල්පනා කරපු ජින් කාඩ් එකත් අරන් ටේගෙ කාමරෙන් පිටවෙලා  තමන්ගෙ කාමරේට ආවා...ඇද උඩින් වාඩි උන ජින් ආපහු සැරයක් කාඩ් එක දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා...

" මම යනවද ? සමහර විට මේ මට ලැබෙන අන්තිම අවස්ථාව වෙන්නත් පුලුවන්..මේකත් මම මගඇරගන්නද යන්නෙ...? "

ජින්ගෙ හිත කියන්නට උනා..

" ඒත්...ටේ ආපහු එයිද ? "

ජින් හිටියෙ දෙලොවක් අතර තනිවෙලා...මොකක්ද කරන්නෙ කියලා එයාට හිතාගන්න බැරිඋනා..

කොහොම උනත් දවස් දෙකක් තිස්සෙ කල්පනා කරපු ජින් අන්තිමේදි  තීරණයක් ගත්තා...

ජින් ගෙදරින් එළියට බැස්සෙ ගැන්ග්නම් යන ස්ථීර අධිෂ්ඨානයෙන්..
කොතරම් හිත පසුබෑවත් ජින්ට උවමනා උනේ එකපාරක් හරි උත්සහ කරන්න..

ඒ තමන් වෙනුවෙන්....

තමන්ගෙ හිතේ ඉන්න කෙනා වෙනුවෙන්........

හිතුවට වඩා ගැන්ග්නම් ගමන හුගාක් වෙහෙසකර එකක් උනා..උදෙන්ම පිටත් උනත් ජින් ගැන්ග්නම් වලට ළං වෙන කොට සෑහෙන දවල් වෙලයි තිබුනේ..
ගැන්ග්නම් වලට ළං උන ජින්ගෙ ඊලඟ අභියෝගය උනේ ටේ වැඩ කරන සුපර්මාර්කට් එක හොයාගන්න එක..

නුහුරු පැත්තක් නිසා සුපර් මාකට් එක තියෙන තැන හරියටම දැනගන්න ජින්ට කීප දෙනෙක්ටම ලිපිනය පෙන්නලා විස්තර දැනගන්න සිද්ධ උනා...
නාදුනන අය එක්ක කතා කරන එක තරම් ජින්ට අපහසු දෙයක් තවත් නැති තරම්...ඒත් අපහසුවෙන් උනත් ජින් ඒ දේ කරේ ටේ වෙනුවෙන්...

දිග ගමනකින් පස්සෙ අවසානයේ  ජින් සුපර් මාකට් එක ඉස්සරහ තමන්ගෙ බයික් එක නැවැත්තුවා..බයික් එකෙන් බැස්ස ජින්ගෙ ඇස් ගියේ සුපර් මාකට් එක දිහාවට..
ඒක සෑහෙන්න ලොකු සුපර් මාකට් එකක් කියන්න පුලුවන් ..ඒ නිසා ඒ හරියේ නිතරම සෙනග ගැවසෙමින් හිටියා..වැඩ කරන අයත් මේ නිසා හැමවෙලේම ගොඩක් කාර්යබහුල ඇති..ටික වෙලාවක් එළියට වෙලා බලාගෙන හිටපු ජින් හෙමින් මාකට් එක ඇතුලට ඇවිදගෙන ගියා..
   දවල් උනත් මාකට් එක ඇතුලෙ සෑහෙන තරම් සෙනගක් හිටියා..ඒ සෙනග අතරේ ජින්ගෙ ඇස් වේගයෙන් දිව ගියේ එක් අයෙක් හොයාගෙන...
ඒත් ඒ කෙනා ජින්ගෙ ඇස් වලට හොයාගන්න බැරිඋනා..කාගෙන් හරි අහන්න හිතුනත් ජින්ට ඒකට ශක්තියක් තිබුනෙත් නෑ...

Until we will meet again🖤(Completed)Where stories live. Discover now