Chapter 19

1.6K 325 28
                                    

ජින් ටේ දිහාත් , ටේ ජින් දිහාත් තත්පර කීපයක් ඇසිපිය නොහෙලාම බලාගෙන හිටියෙ හරියට දැහැනකට සම වැදිලා වගේ....
මුලින්ම ඒ දැහැන බින්දෙ ටේ..

" හැම කරදරේකදිම මම මුලින්ම ඇස් ඇරලා බලද්දී ඇයි හ්‍යොන්ග් විතරක්ම මගේ ඉස්සරහ ඉන්නෙ...?"

ටේ ඇහුවේ වෙවුලන බිදුනු කටහඬකින් ...ඒ ප්‍රශ්නෙත් එක්කම ජින් නිහඩවම තමන්ගෙ ඇස් ටේගෙ මූණෙන් ඉවතට ගත්තා..ජින්ට ටේගෙ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් හිතාගන්න බැරිඋනා..ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරයක් ජින්වත් දැනගෙන හිටියෙ නෑ..
ටික වෙලාවක් කල්පනා කරපු ජින් එකපාරටම පුටුවෙන් නැගිට්ටෙ හෙදියක් එක්කරගෙන එන්න හිතාගෙන..
ඒත්...... ටේ එකපාරටම ජින්ගෙ අතකින් අල්ලගත්තෙ ජින්ගෙ ගමනට බාධා කරමින්...ජින් හෙමින් හැරිලා තමන්ගෙ අත අල්ලන් ඉන්න ටේගෙ අත දිහා බැලුවා.. ටේ පහත් හඩින් කතා කරා..

" හ්‍යොන්ග්...යන්න එපා..මෙතන..මාත් එක්ක...ඉන්න..ටික වෙලාවක්.."

තත්පර කීපයක් ටේගෙ ඇද ගාව හිටගෙන හිටපු ජින් කිසි දෙයක් නොකියා ආපහු පුටුවෙන් වාඩි වුනා..
ටේ හෙමින් ජින්ගෙ අත අතෑරියේ ජින් පුටුවෙන් වාඩි උනාට පස්සෙ..

දෙන්නම ටික වෙලාවක් යනකල් වචනයක් වත් කතා නොකරේ හරියට කවුරු මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව වගේ...
මුලින්ම නිශ්ශබ්දතාවය බින්දේ ටේ..

" මියානේ හ්‍යොන්ග්.. මියානේ...ඇත්තටම හ්‍යොන්ග්ට මම දෙන කරදරවල කෙළවරක් නෑ....මම ඒ දේ කරේ...මම මැරෙයි කියලා හිතාගෙන...ඒත් මම ජීවත් වුන නිසා කවුරුත්ම නැතුව හ්‍යොන්ග් තනියම ලොකු කරදර ගොඩක පැටලිලා...මම කොච්චර සමාව ගත්තත් මදි කියලා මම දන්නවා...😓 ඒත් මම තාමත් හ්‍යොන්ග්ගෙන් සමාව ඉල්ලනවා..."

ජින් ඉස්සරහ බලාගෙනම හිටියේ ටේගෙ මූන දිහාවත් නොබලා..

" මෝඩයි..."

ටේ හැරිලා ජින් දිහා බැලුවා..

" ඔව් හ්‍යොන්ග්..ඒක ඇත්ත..මම මෝඩයි..ගොඩක් මෝඩයි..ඒ වගේම ආත්මාර්ථකාමියී...ඒත් මං වෙන මොනවා කරන්නද ? මං හැදුවේ මේ හැමදේකින්ම ගැලවෙන්න විතරයි.."

Until we will meet again🖤(Completed)Where stories live. Discover now