Chapter 5

1.8K 389 30
                                    

ටේ කොච්චර ඉස්කෝලෙ යාලුවො එක්ක පිස්සු නැටුවත් හැම වෙලේම මුල් තැන දුන්නෙ ඉගෙනුමට..ඉස්කෝලෙ ගිහින් ගෙවුනු මාස කීපය ඇතුලත ටේ ගොඩක් මහන්සි වෙලා පාඩම් වැඩ කරා.මේ නිසා ගුරුවරු උනත් ටේට ගොඩක් ආදරෙයි.මේ නිසා ටේ ගොඩක් ඉක්මනින් ඉස්කෝලෙ ගොඩාක් ජනප්‍රිය කෙනෙක් උනා..ඉතින් ටේ හිටියෙ හැමවෙලේම ගොඩක් සතුටින්.😃
එයා පරිඝනක වැඩ වලටත් හරිම දක්ශයි...graphic designing වගේ දේවල් වලට ආස කරපු නිසාම ටේ හැමවෙලේම ඒ ගැන ඉගෙන ගත්තා..
    ජින් උනත් දැන් ඉස්සරම තරම් නපුරු නැතත් තාම ටේ එක්ක කතා කරන්නෙ නම් නෑ..ඒත් ටේ ඒ ගැනත් සතුටු උනා..
        
      නූනාත් නිතරම කෝල් කර කර ටේගෙන් ඉස්කොලේ වැඩ ගැන ඇහුවා.නූනා දැන් low college 1ම කෙනෙක්ට ආදරය කරනවා..ටේ ඒක දැනගෙන හිටියා උනත් එයා ඒ ගැන දුක් උනේ නෑ.තවත් අයියා මේ ලෝකෙ නෑ..ඒ නිසා නූනා එයා ගැනම හිත හිත ඉන්නවට ටේ කැමති උනේ නෑ.ඒ නිසා නූනා වෙන කෙනෙක්ට ආදරේ කරනවට ටේ ඇත්තටම සතුටු උනා..නූනාගෙ bfට ඕනෙ කරෙ උපාධියෙන් පස්සෙ නූනාව marry කරලා එයා එක්ක ඇමෙරිකා යන්න.ටේ ඒ ගැන හිතින් ගොඩක් දුක් උනත් එයා ඒක පෙන්නුවෙ නෑ..අන්තිමේ නූනාත් තමන්ව දාලා යන එක ටේට ලොකු දුකක් උනත් එයා හිනාවෙලාම හිටියා..
        කාලෙකට පස්සෙ නූනා ගෙදර ආවා.ටේ නූනාව ආදරයෙන් වැළදගෙන පිලිගත්තා.නූනා ටේගෙ නළලට කිස් 1ක් දුන්නා..
   " කොහොමද පැටියො..හොදින් ඉන්නවද..?"
" ඔව් නූනා..මායි,හ්‍යොනුයි දෙන්නාම හොදින්..නූනාට කොහොමද ?
" ආ..ඔව් මාත් හොදින්.."
නූනා එහෙම කියද්දි නම් ටේට හිතුනෙම නූනා ඉන්නෙ මොකක්හරි අවුලක කියලා..ඒත් ටේ ඒ ගැන අහන්න ගියේ නෑ.
  " ජින් කාමරේද ටේ..?? "
  " ඔව් එයා දවසම කාමරේ තමා.."
ටේ උත්තර දුන්නෙ හිනාවෙලා..
ටේ එක්ක ටික වෙලාවක් කතා කරපු නූනා ජින් එක්කත් කතා කරලා එන්න උවමනා උන නිසා උඩ තට්ටුවට ගියා..ටේ කුස්සියට ගියේ නූනාට බොන්න දෙයක් හදන්න..ඒත් නූනා ටික වෙලාවකින්ම ආපහු පහලට ආවා..
" නූනා මෙච්චර ඉක්මනින් කතා කරාද? "
" ආ..නෑ..මම කතා කරෙ නෑ.."
ටේ කර කර හිටපු වැඩේත් නවත්තලා නූනා දිහා බලන් හිටියා..නූනා හිටියෙ කරදරේකින් වගේ..ටේට මේක තවත් බලන් ඉන්න බැරි නිසාම එයා නූනා ලගට ආවා.
  " නූනා..ඔයා දිහා බැලුවම පේනවා ඔයා ලොකු අවුලක ඉන්නෙ කියලා..ඇයි මොකක්ද ප්‍රශ්නෙ නූනා..??"
නූනා ටික වෙලාවක් ටේ දිහා බලාගෙන හිටියා..
" ටේ..."
එයා ටේගෙ අතකින් අල්ලගෙන ටේව සෝෆා එකේ වාඩි කරවගත්තා..
" මට මේක කියන්න කවුරුත් නෑ ටේ..මට මේක ජින්ට කියන්නත් බෑ..මට මොකුත්ම හිතාගන්න බෑ.."
" නූනා..ඔයා ඉස්සෙල්ලාම සන්සුන් වෙන්න..හරිද?? දැන් හෙමීට කියන්නකො මොකක්ද උනේ කියලා."
ටික වෙලාවක් ඉදලා නූනා කතාව පටන් ගත්තා..
" මම ඔයාට අපේ තාත්තා ගැන කිව්වනෙ ටේ..එයා england ගිහින් දැන් අවුරුදු ගානක් වෙනවා..අපිට ජීවත් වෙන්න සල්ලි එව්වත් එයා කවදාවත් අපිව බලන්නවත් ආවෙ නෑ..පෙරේදා එයා මට හදිසියේම කෝල් කරා..මම හිතුවෙ එයා අපිව බලන්න එන්න හදන්නෙ කියලා..ඒත්...එයා..කිව්වෙ කවදාවත් ආයෙ කොරියා එන්න එයාගෙ අදහසක් නෑ කියලා..එයා......."
ටේ නිහඩවම නූනා දිහා බලාගෙන හිටියා...
" එයා england women කෙනෙක් මැරි කරලා ටේ..එයා අඩුගානෙ ඒ ගැන අපිට කිව්වෙවත් නෑ..එයාට ඒක මට කියන්න ඕනෙ උනෙත් එයාගෙ wife pregnant උනාට පස්සෙ.."
නූනා කතා කරේ ඇස් වල කදුලු පුරවගෙන..ටේ නූනාගෙ අතකින් අල්ලගත්තා..
" එයා ගොඩක් වයස කෙනෙක් ටේ..මට හිතාගන්න බෑ එයා කොහොමද එහෙම කරේවත් කියලා..අම්මාගෙ මරණින් පස්සෙ එයා අපිව සම්පූර්ණයෙන්ම අමතක කරලා..එයා කියනවා එයාගෙ wife දරුවා දෙන්නත් එක්ක එයා england වලම ජීවත් වෙන්න තීරණය කරා කියලා..එයා අපිට ඒත් දිගටම සල්ලි එවන්නම්ලු..එයා හිතන් ඉන්නෙ අපිට සල්ලි එව්වම එයා එයාගෙ වගකීම් වලින් නිදහස් වෙනවා කියලද?? මම එයාට කිව්වා මම නෙවේ අඩුගානෙ මල්ලි ගැන හිතලාවත් එන්න කියලා..මල්ලිගෙ මුලු ලෝකෙම උනේ තාත්තා නිසා..ඒත් එයා කියනවා මල්ලිටත් මේ ගැන කියන්න එයාත් මේවා දැනගන්න ඕනෙ කියලා..
මම කොහොමද ටේ එයාට ඒ ගැන කියන්නෙ..?? ඒකෙන් එයා කොච්චර වෙනස් වෙයිද?? "
" නූනා....." ටේ නූනාව වැලදගත්තෙ නූනා අඩන්න ගත්ත නිසා..නූනා දිගටම කතා කරා..
" මට දුකට වඩා තියෙන්නෙ ලැජ්ජාව ටේ...අවුරුදු 26 කට කිට්ටු මට නූපන් සහෝදරයෙක් කෙනෙක් ඉන්න එක ගැන..මම ආයෙ එයාට තාත්තා කියන්නෙ නෑ..මට එහෙම තාත්තෙක් ඕනෙත් නෑ..ඒත් ජින් තාම පොඩි ලමයෙක්..මම එයාගෙ කාමරෙ දොර ගාවට ගිහින් බලන් ඉදලත් ආපහු හැරිලා ආවෙ මට ඒක කියන්න බැරි උන නිසා..ඒක කොයි තරම් ලැජ්ජාවක්ද ටේ.."
" නූනා..ඔයාට ඒක කියන්න ගොඩක් අමාරු නම් කියන්න එපා.."
ටේ ටික වෙලාවකට පස්සෙ කතා කරා..
" ඒත් ටේ එයා මේක කවදාහරි වෙන විදියකින් හරි දැන ගනී..එදාට..."
" අපි කාලෙට ඉඩදෙමු නූනා..පහුවෙලා කිව්ව දවසකට එයා තේරුම් ගනී තවදුරටත් ඒ ඉන්නෙ එයාගෙ තාත්තා නෙවේ කියලා..එතකොට දුකත් අඩුවෙයි.."
නූනා ටික වෙලාවක් කල්පනා කරා..
" ඔව් ටේ ..මටත් මේක කියන්න තරම් ශක්තියක් නෑ..අපි තව ටිකක් ඉවසමු.."
නූනා ටේව වැලදගත්තා..
" කුමාවෝ ටේ..ඔයා මට ලොකු ශක්තියක්..මම ජින් එක්ක නිකන් කතා කරලා එන්නම්.."
    " අරස්සෝ නූනා.."
නූනා ටික වෙලාවක් ජින් එක්ක ගත කරලා ඉදලා ටේටත් සමුදීලා යන්න ගියේ හිත ටිකක් සැහැල්ලුවෙන්..
ටේ කල්පනා කරේම ජින් ගැන..ජින්ගෙ කාමරේ එයා පොඩි කාලෙ තාත්තා එක්ක ගත්ත ෆොටෝ සෑහෙන්න තියෙනවා එයා දැකලා තිබුනා..ඉතින් මේක ජින්ට කොයි විදියට බලපායිද කියලා එයාට හිතාගන්න බැරිඋනා..
" ඒත් කවුද දන්නෙ..එයා තවදුරටත් තාත්තාට ආදරේ නැතුවත් ඇති.."
රෑ කෑමට ජින් පහලට ආවෙ නැති නිසා ටේ හිතුවෙ ජින් ආපහු අසනීප වෙලා කියලා..ඒත් ජින් හිටියෙ නිදාගෙන..ජින්ව ඇහැරවන්න හිතුනත් ටේ ඒ අදහස අතෑරලා පහලට ගියා..

Until we will meet again🖤(Completed)Where stories live. Discover now