Chapter 27

1.6K 332 87
                                    

ජින්ගෙ university exam එකට තවත් තිබුනේ මාස කීපයක් විතරයි..ඒ නිසා ජින් වෙනදාටත් වඩා ගොඩක් පාඩම් වැඩ වලට මහන්සි උනා....රෑ පන්ති නිසා ජින් ගෙදර ආවෙත් ගොඩක් පරක්කු වෙලා..

ටේත් නිතරම ජින්ගෙ පාඩම් වැඩ වලට බාධාවක් නොවෙන විදියට තමන්ගෙ වැඩ කටයුතු කරගත්තා...ඒ වගේම නිතරම ජින්ට කරදර නොකර ඉන්නත් ටේ වගබලගත්තා...හැමවෙලේම ටේ ජින්ට ජින්ගෙ පහසුව වෙනුවෙන් පොඩි පොඩි දේ කරලා දෙන්නත් උත්සහ කරා..
මේකට ජින් අකමැති උනත් ටේ තමන්ගෙ ලග ඉන්න එක එක අතකින් ජින්ට ලොකු ශක්තියක් උනා...
ඒ නිසා ජින් හැමදේම නිහඩවම ඉවසගෙන හිටියා....

මාස කීපය ඉක්මනින්ම ගෙවිලා ගියා..
ජින්ට final exam එකටත් ගොඩක් හොදින් මුහුණ දෙන්න පුලුවන් උනා....
Final exam එකට යන්න කලින් ජින්ට ටේගෙ සුබ පැතුම් වගේම ඇමෙරිකා වල ඉන්න තමන්ගෙ අක්කාගෙනුත් සුබ පැතුම් ලැබුන නිසා ජින් Exam එකට මුහුණ දුන්නෙ ලොකු ශක්තියකින්...
තමන්ට හොද Result එකක් ගන්න පුලුවන් වෙයි කියලා ජින්ට හොදටම විශ්වාසයි....

ජින් Exam එකෙන් පස්සෙ ගෙදර එනකල් ටේ බලන් හිටියෙ නොයිවසිල්ලෙන් ...

" හ්‍යොන්ග් ....කොහොමද විභාගෙ?? ලේසී නේද ?? "

ටේ ඇහුවෙ ජින් ගේ ඇතුලට එන්නත් කලින්..

" හ්ම්ම්ම් "

යාන්තමින් මුමුණපු ජින් ගේ ඇතුලට ඇවිදගෙන ආවා...ටේත් ජින්ගෙ පස්සෙන් ආවෙ කතා කර කර මයි..

" හ්‍යොන්ග් ....මට හොදටම විශ්වාසයි ඔයා අනිවාරෙන් exam pass වෙලා University යයි...ඒත් නූනා කිවුවානෙ..ඔයාව ඇමෙරිකන් university එකකටම දානවා කියලා..ඒ නිසා ඔයා වදවෙන්න ඕනෙත් නෑ..ඔයා කොහොමත් දක්ෂයිනේ..."

" මම ඇමෙරිකා යන්නෙ නෑ..."

ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් ගනිමින් ජින් කෙටියෙන් උත්තර දුන්නා ...

" මොකක්....!!! "

ටේගෙ කියවිල්ලත් එක්වරම නතර වෙලා ගියේ ජින්ගෙ උත්තරය නිසා..
ටේ ජින් ගාවට ඇවිදගෙන ආවා ...

" හ්‍යොන්ග්...ඔයා ඔය ඇත්තමද කියන්නෙ..? ඔයා කොහොමද නූනාට බෑ කියන්නෙ..අනික ඒ තරම් හොද චාන්ස් එකක්...මිස් කරගන්නවද ඔයා..? "

Until we will meet again🖤(Completed)Where stories live. Discover now