"මිස් ආන්යා" ඒ අර කලින් කෙල්ල. ආන්යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන් සෙමෙන් ආන්යා ඈ දිහාට එද්දි ඒ ගෑනු ළමයා අඩියෙන් අඩිය පසුපසට ගියා. අවසන ඈ නැවතුනේ කාමරේ බිත්තියේ හැපිලා. ආන්යා තම අතක් ඇගේ දකුණු පස බිත්තියට තද කරා. "මි-මිස් ආන්යා??" ඈ හිස ඔසවලා ආන්යා දිහා බැලුවා. ආන්යාගේ කට කොනක තිබුණේ සමච්චල් සහගත හිනාවක්. ඈ ඇගේ ඇහිබැමක් උඩට ඉස්සුවා. "ස-සමාවෙන්න මිස් ආ-ආන්යා ම-මං" ඇගේ වචන ගොත ගැහෙනවා. ඇගේ මිතුරො කැල ඔවුන් දෙදෙනා දිහා බලාගෙන හිටියේ භිරාන්ත වෙලා. "ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්" ආන්යා ඇගේ තොල් මතින් තම දබරැඟිල්ල තැබුවා.