Chapter 03

153 38 27
                                    

ආන්‍යා අවදිවෙද්දි දහවලටත් ආසන්නයි. නිදිමරගාතෙම ආන්‍යා වොශ් දාගෙන බැල්කනි එක සුද්ද කරලා දැම්මා. ආපහු ගේ දිහාට හැරුණ ආන්‍යාට පහුගිය රාත්‍රිය ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා.

"දුම් කැටියක්!!! මං දැක්කා දම් පාට දුම් කැටියක්!!!" ආන්‍යා තමන්ටම කෑගහගෙන ගේ දිහාට දිව්වා. එයා කොච්චර හෙව්වත් එයාට දුම් කැටිය හොයාගන්න බැරි වුණා.

'මං හීනයක් දකින්න ඇති එහෙනම්' ආන්‍යා තමන්ටම මුමුණගත්තා. ආන්‍යාගේ කල්පනා ලෝකේ බිඳුනේ ඇගේ ෆෝන් එකේ නාදයෙන්

"හෙලෝ"

"හෙලෝ මිස් ආන්‍යා. යුනිවර්සිටි ෆැෂන් ෂෝ එකක මොඩ්ලර් කෙනෙක් විදියට ඔයාව ඉල්ලලා තියෙනවා. ඔයාගේ මෙෂමන්ට් එයාලටම ගන්නෝනලු. එයාලා දැන් ඔෆිස් එකට එන ගමන්. ඔයාට පුළුවන් ද තව පැයක් ඇතුලත ඔෆිස් එකට එන්න?" ඒ ආන්‍යාට ඔෆිස් එකෙන් ලබාදුන්න මැනේජර් සිතූ.

"මං එන්නම්" ආන්‍යා ඇමතුම විසන්ධි කරලා දැම්මා.

ඔෆිස් එක ඉදිරිපස ආන්‍යාගේ GIXXER එක නතර වෙද්දි ආන්‍යා දැක්කා යුනිවර්සිටි එකේ ළමයි කිහිප දෙනෙක් ඔෆිස් එකට ඇතුල් වෙනවා. ඒ සමගම වගේ ආන්‍යාත් ඔෆිස් එකට ඇතුල් වුණා.

"ආන්‍යා ඔයා ආවද?"  ආන්‍යාගේ මැනේජර් සිතූ ආන්‍යා ගාවට දුවගෙන ආවා. ඇගේ මූණේ හිනාකටයි. ආන්‍යා යන්තම් මදහසක් පෑවා. යුනිවර්සිටි එකේ ළමයි ටික  ආන්‍යා දිහා බලාගෙන හිටියේ ඇස් නලලේ තියන්.

"She is damn hot" අයෙක් මිමිණුවා.

"Girls & boys මේ ඉන්නේ මිස් ආන්‍යා. ඔයාලා රික්වෙස්ට් කරලා තිබුණ මොඩ්ලර්. ඔයාලට පුළුවන් ඔයාලා හදන්න හිතාගෙන ඉන්න කොස්ටියුම්ස් වලට ඕන කරන මෙෂමන්ට්ස් අරගන්න." සිතූ ආන්‍යාව අඳුන්නලා  දුන්නා.

"වැඩි වෙලා ගන්නෙපා. මිස් ආන්‍යා ඒකට කැමති නෑ." ඈ ශිෂ්‍යන්ට අනතුරු අගවලා  ඇගේ රූම් එකට ගියා.

"මිස් ආන්‍යා ඔයා හරිම ලස්සනයිනේ" මෙෂමන්ට් ගන්න අතරේ එක ගර්ල් කෙනෙක් ආන්‍යාගේ උරහිසකින් අත තියලා කනට මිමිණුවා. ආන්‍යා ඈ දිහාට දැවෙන බැල්මක් දැම්මා.

None Of Your BusinessWhere stories live. Discover now