Chapter 32

76 21 43
                                    

"අප්පත්තී...." පුංචි බෝල අඩි ළඟ ළඟ තබමින් උඩ පැන පැන සාලයට පුංචි පැංචෙක් දුවගෙන ආවා. හා පැංචෙක්ගේ වගේ ලොකු දත් දෙක එයාගේ හුරතල් පෙනුම තවත් වැඩි කලා. එයාගේ අතේ තිබුනේ තරමක් විශාල දුඹුරු වලහෙක්. කලු කලිසමට කලු ෂර්ට් එක යට කරලා බෙල්ල ගාවින් සුදු පාට පුංචි බෝ එක්කුත් ගැට ගහලයි තිබුනේ.

"සාලයා ලෙඩී" ඔහු පැවසුවා.

"සාරන්‍ය!!! ආකේෂ්...... මේ බලන්නකෝ අපේ සාරන්‍යගේ ලස්සන" සෝෆා එක උඩ ඉඳන් ටීවී එක බල බල හුන් ආන්‍යා බෙරිහන් දුන්නා. ඇගේ හඬට ආකේෂ්ත් සාලයට දුවගෙන ආවා. කලු පැහැති ෂර්ට් එකත් කලු කලිසමට ඔහුගේ කඩවසම් බව තව තවත් කැපී පෙනුනා. සාරන්‍ය දුටු ඔහුගේ මුහුණේ සිනහව පළල් වුනා.

"මගේ පැංචට කවුද මේක ඇන්දුවේ?" ආන්‍යා සාරන්‍යව ඔඩොක්කුවට අරගෙන.

"තිනූ පූංචා" ඔහු ඇස් බෝල කර ආන්‍යා දෙස බැලුවා.

"තිනෙති පුංචි දක්ෂයි නේද පැංචෝ?" ආන්‍යා මද සිනහවකින් ආකේෂ් දෙස බැලුවා. ඔහුගේ මුවේ පුලුල් සිනහවක්. සාරන්‍ය ඔව් යනුවෙන් ඔලුව වැනුවා.

"ඔයත් ලෑස්ති වෙන්න ආන්‍යා... හුඟක් දුර යන්නත් ඕනනේ" ආකේෂ් කලබලෙන් පවසා ගෙතුලට යන්න හැරෙත්ම ගෙතුල සිට සාලයට පිවිසියේ සිතූ. ඔහු එතැනම නැවතුනා. දණක් තෙක් දිගු වුන අලංකාර කලු පැහැ ගවොමකින් ඈ සැරසී සිටියා. ඇගේ උර තෙක් දිගු වූ කෙස් වැටිය පෝනිටේල් එකක් ආකාරයෙන් බැඳලයි තිබුණේ.

"අම්මී......." පුංචි සාරන්‍ය ආන්‍යාගේ උකුලෙන් බැස සිතූ අසලට දුවගෙන ගියා. සිතූ සිනහවෙන්ම සාරන්‍යව වඩාගත්තා.

"මේ බලන්නකෝ අපේ චෑම්ප්ගේ ලස්සන" සිතූ ඔහුගේ නහය රතුවෙන්නම මිරිකුවා. හැමෝගෙම අවධානය නැවතත් තමන් වෙත එල්ල වෙද්දි සාරන්‍ය බබා ලැජ්ජාවෙන් තමන්ගේ මුහුණ සිතූගේ උරමත සඟවාගත්තා. සිතූ නොමැකෙන සිනහවකින් ආකේෂ් දෙස බැලුවා. ඇගේ දෑස් තරු කැට මෙන් දිදුලනවා. ඔවුන් දෙස බලන් හුන් ආන්‍යා සිනහවකින්ම සෝෆා එකෙන් නැගිටගත්තා.

"ඔයාලා හැමෝම ලෑස්තිත් වෙලා..." ආන්‍යා නෝක්කාඩුවට පවසා තමන්ගේ කාමරය දෙසට යන්න හැරුනා. ආකේෂ්ගේ මුහුණට කුපාඩි සිනහවක් එකතු වුනා.

None Of Your BusinessWhere stories live. Discover now