"සරණි!!!" එකවර යමක් මතක් වුනා සේ ආන්‍යා බෙරිහන්දුන්නා. තවමත් සුන් බුන් දැක සාලයේ කෙලවරක වාඩිවී උන් සරණි හඬ ආ දෙසට ඇවිදගෙන ආවා.
"ජීසස්!!! මිස් ආන්‍යා මේ කවුද?"
"සරණි කරුණාකරලා ප්‍රශ්න අහන එක නවත්තලා මට ආකේශ්ව ඇහැරවලා දෙන්න" ආන්‍යා කියන පමාවෙන් සරණි ආකේශ් අසල දණඔබාගත්තා. ආන්‍යා පසෙකට වී ඈට ඉඩ ලබාදුන්නේ තවමත් ආකේශ්ගේ අත අත්නොහරිමිනි.
"මට- මට බෑ එයා මෙහෙම ඉන්නවා බලන්න... අනේහ් සරණි..." අන්‍යා තනිවම මුමුණනවා.
"ආකේෂ්.. අනේ ආකේෂ්.... තිනෙතිත් ළග නැතුව ඔයත් මෙහෙම මාව තනිකරන්න එපා දෙයියනේ..." ඈ මිමිණුවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ආකේෂ්.... ප්ලීස්ස්ස්ස් මාව මැරිලා යයි" ඈ උන්නේ අවසිහියෙන් මෙනි.
"ආ-ආන්‍යා..." පැය බාගයක පමණ සරණිගේ අසීරු උත්සාහයෙන් පසු ආකේෂ් තම දෑස් විවර කර තිබුණා.
"ආකේෂ්... දෙවියනේ... ඔයා මාව බය කරා මෝඩයෝ..." ආකේෂ්ගේ අත අතහැර ඔහු අසලම නොසන්සුන්ව සක්මන් කරමින් උන් ආන්‍යා උන් තැනම දෑස් වසාගෙන ඇගේ පපුවේ කුරුසිය ඇදගත්තා.
"ආ-ආන්‍යා... අනේ.. මං-මං කියන දේ අහන්න" ආන්‍යා දෑස් හැර ඔහු දෙස බැලුවා.
"ති-තිනෙතිගේ කාමරේට යන්න. ඒ-ඒකේ මැද ලා-ලා-ලාච්චුවේ පොත් තුනක් ඇති. එයින් අන්තිම පො-පොතේ ඉරපු පිටු කීපයක් ති-තියෙනවා. ඒ ටික අ-අ-අරං එන්න." ඔහු අපහසුවෙන් මිමිණුවා.
"හරි මං අරගෙන එන්නම්... කතා කරන්න මහන්සි වෙන්නෙපා ආකේශ්.. මං අරගෙන එන්නම්" ඈ කීකරුව තිනෙතිගේ කාමරයට ඇතුලුව ඇගේ ලාච්චු අවුස්සන්න වුනා. ඈට තිනෙතිගේ දිනපොත් හමුවූ අතර එහි පිටු කීපයක් පෙරලා බැලූ ඇගේ දෑස් විස්මයෙන් පලල් වුනා. නමුත් දැන් ඒ සියල්ල කියවීමට කාලය නොවන බැවින් ඈ අදාල පිටු කිහිපය සාක්කුවට ඔබාගෙන නැවත පිටතට පැමිණියා.
YOU ARE READING
None Of Your Business
Fantasy"මිස් ආන්‍යා" ඒ අර කලින් කෙල්ල. ආන්‍යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්‍යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන...