Chapter 07

124 28 26
                                    

පසුගිය කොටසින්

එම වීඩියෝ පටය, අනතුරින් බොහෝ වේලවකට පසුව කවුරුන්හෝ ගම්වැසියෙක් විසින් රෙකෝඩ් කරන ලද්දක් වූ අතර ඒ වනවිට රැස්ව සිටි මාධ්‍යවේදීන් සහ පිරිසද ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනා. ආන්‍යා සහ ඇගේ පවුලේ උදවිය රෝහල වෙත රැගෙන ගොස් තිබුන අතර ආකේෂ් සහ ඔහුගේ පවුලේ උදවියද පෙනෙන්නට සිටියේ නැහැ. ඒ වනවිට ඔවුන්ද රෝහල වෙත පිටත් වී අවසන්. පාර කොනක තවමත් කලු දුම් දමමින් ආන්‍යාගේ කාර් රථය පමණක් ඉතිරිව තිබුණ අතර පාරේ පාලු බවක් ඉසිලුවා. පාලු පාර කෙලවරක වාහනයෙන් පිටවන කලු දුමාරය අතරින් ආකේෂ් දුටුවේ තම දෑස් අදහාගත නොහැකි දර්ශනයක්.

...................................

ටිකෙන් ටික නැතිවීගෙන යන තද කලු දුමාරයට ටිකෙන් ටික තද දම්පැහැයක් මුසුවෙන්න පටන් ගත්තා. දම් පැහැ දුමාරයේ තිබුණ තද පැහැය නිසා පලමුව ආකේෂ් එයද කලු පැහැ දුමාරය ලෙස වරදවා තේරුම් ගත්තද ටිකෙන් ටික ඔහු එය පැහැදිලිවම දම් පැහැ දුමාරයක් බවට ප්‍රත්‍යක්ෂ කරගත්තා.

"මේ දුම මොකක්ද?" ආකේෂ් තමන්ටම මුමුණමින් වීඩියෝ පටයට තම පූර්ණ අවධානය යොමු කරා.

දම් පැහැ දුමාරය තුලින් සෙමින් සෙමින් පැහැදිලි දිදුලන දෑසක් මතුවුනා.

"මොකක්?" ආකේෂ් කෙතරම් තිගැස්සුනාද කියනවා නම් ඔහු අතින් ජංගම දුරකතනයද ගිලිහී ගියා.

"දම් පාට ඇස් දෙකක්!!! No way!!! This can't beeeee" ආකේෂ් නැවත තම දුරකතනය අතට ගෙන වීඩියෝ පටය නරඹන්න වුනා. හොඳින් තම අවධානය වීඩියෝ පටයට යොදවන විට ආකේෂ්ට වැටහුනා එය ඇස් දෙකක් පමණක්ම නොව දුමාරය තුලින් මතු වූ රුවක් බව.

"කවුද ඒ?" ක්‍රමයෙන් රුව පැහැදිලි වන ආකාරය දෙස ආකේෂ් තම නෙත් යොමු කලද එසැණින් වීඩියෝ පටය අවසන් වුනා.

"ආයිෂ්...මේ මෝඩයාට බැරි උනානෙ තව ටිකක් වෙලා වීඩියෝ කරන්න" ආකේෂ් තම අත මිටමොලවලා දණහිස උඩට පහරක් ගැහුවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"හැමෝම මහන්සි වුනා අද. තැන්කියු"

ෆොටෝ ෂූට් එක අවසානයේ හැමෝම එකිනෙකාට ආචාර කරලා පිටත් වුණා. ආන්‍යා තමන්ගේ ඇඳුම් මාරු කරගෙන චේන්ජින් රූම් එකෙන් පිටතට ආවා. වටපිට අන්ධකාරයෙන් වැහිලා. හැමදෙනෙක්ම පිටත් වෙලා. සුසුමක් හෙලලා ආන්‍යා තමන්ගේ බැක් පැක් එක කරට දාගත්තා.

None Of Your BusinessWhere stories live. Discover now