Chapter 19

87 17 3
                                    

Flashback

"අශ්වින් වහාම මගේ කුටියට පැමිණෙන්න" අශ්වින්ට මහීරධ කුමරුගේ පණිවිඩය ලැබෙන විට ඔහු උන්නේ ධවල මන්දිරය තුලමයි. ඔහු වහ වහා කුමරුගේ කුටියට (පෙර රජුන්ගේ කුටිය) පියනැගුවේ තම මව හෝ නැගණිය පිළිබඳව තොරතුරක් දැනගැනීම පිණිස.

ඔහු කුටියට ඇතුල් වන විට එතුල ත්‍රෛලෝකාක්ශි සෙවීම භාර කල සියලු දෙනා රැස්ව සිටි අතර ඔවුන්ගේ හිස්, පොලව දෙසට බරව පැවතුනා. මහීරධ කුමරුන් සිටියේ එකල රජු වාඩිවීමට භාවිතා කල ආසනයේ. එම දසුන සුපුරුදු ලෙස අශ්වින්ගේ සිත ශෝකයෙන් බර කලා.

"තොපි එකෙක්ටවත් අවුරුදු පහක් තිස්සේ හොයාගන්න බැරි වුණ ත්‍රෛලෝකාක්ශිව අන්තිමේදි මං හොයාගත්තා." ඔහු ගිගිරුවා. ඔහුගේ දෑස් නැවතුනේ මේ දැන් කුටියට ඇතුලුව අනෙක් පිරිස සමග සිටගනිමින් හිස පහත් කරගත් අශ්වින් අසල. ඔහු දැඩි පියවර තබමින් අශ්වින් අසලට ඇවිද ආවා. අශ්වින් උන්නේ ඔහුගේ මිරිවැඩිසඟලේ ඇති රටාවන් පිළිබඳ විශාල අධ්‍යනයක. ඔහු අශ්වින්ගේ නිකටින් අල්ලා ඔහුගේ හිස ඉහලට එසවූවා.

"මේ ඉන්නේ අවුරුදු දහයක් තිස්සේ තමන්ගේ අනාගත බිරිද හොයපු අසරණ ස්වාමි පුරුශයෙක් හහ් හහ් හහ් හහ් හහ් හහ් හා" ඔහුගේ කැත හිනාව කුටිය පුරා දෝංකාර දුන්නා. අශ්වින් නැවතත් තම හිස පොලවට බර කරගත්තා.

"අන්තිමේදි උඹටවත් ඒකිගේ අප්පටවත් හොයාගන්න බැරි වුණ උඹේ අනාගත අඹුව හොයාගත්තේ මම. ඒ නිසා ඒකිව අයිතිත් මට" මහීරධ කුමරුගේ වචන අශ්වින්ගේ ගත සීතල කරා. ඔහු තම කේන්තිය පිටකරගත නොහී තම දෑත් මිටමොලවගත්තා. ඔහුගේ මවත් නැගණියත් නොවේ නම් ඔහු මේ වනවිටත් මහීරධ මරාගෙන මියැදී අවසන්.

"මං තොපිට කියන්නම් ඒකි ඉන්න තැන. තොපිට කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. එතෙන්ට ගියා ඒකිව ඉස්සුවා ඒකිවත් අරගෙන මාලිගාවට ආවා"

"තේරුනාද?"

"තේරුනා කුමරුනි" ඔවුන් ඇල්මැරුණ හඬින් පැවසුවා. තමන්ගේ කුමරිය සතුරන් අතට භාරදීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවක් නොවීය.

"තේරුනාද?!!!" මහීරධ ගිගිරුවා.

"එසේය කුමරුනි!!!" ඔවුන් එකවර පැවසුවා. අශ්වින් මුලු කාලය මුලුල්ලේම තම යටිතොල තදින් විකාගෙන උන්නේ මුවින් පිටවීමට යන ඉකිය නවත්වාගැනීම පිණිස.

None Of Your BusinessWhere stories live. Discover now