Chapter 23

77 18 29
                                    

ආකේෂ් පුදුමයෙන් තිනෙතිගේ දිනපොත් එකින් එක පෙරලන්නට වූ අතර ඒ සියල්ලගේම ලියැවී තිබුනේ "ඔහු" ගැනය. ඈ නිරන්තරයෙන් "ඔහු" ලුහුබැඳ තිබූ අතර ඔහු කරදරයක වැටෙන සෑම අවස්තාවකම "ඔහුට" නොපෙනෙන්නට ඈ "ඔහුට" උපකාර කර තිබුනා.

"ඔහු" වෙනුවෙන්ම ඈ ඇගේ මනස ශක්තිමත් කරගෙන ඇති අතර ඈට රූප භූතයෙක් මැවිය හැකි තරමටම ඈ තම හැකියාව දියුණු කරගෙන තිබුනා.

'අද මං ජීවිතේ පලවෙනි වතාවට මගේ රූප භූතයාව මැව්වා. එයා ලස්සනයි හුරතල්. එයා දම්පාට චූටි දුම් කැටියක් වගේ. හරියට නිකන් දම්පාට කැස්පර් කෙනෙක් වගේ' ඈ දිනෙක ලියා තිබුනා. ආකේෂ්ට සිනහවක් පිටවුනා.

"කැස්පර්?? මේ පිස්සු කෙල්ල" නිරන්තරයෙන්ම ඔහුගේ මුහුනේ මදහසක් තිබුනේ ඈ ලියා තිබූ දෑ වලටයි. 'ඔහු' නිසා ඈ කෙතරම් අනතුරු වලට මුහුණ දී තිබුනද ඈ ඒ සියල්ලම දෙස සුභවාදී දෙස බලා හිත හදාගෙන තිබුනා.

ඒ වනවිට ආකේෂ් ඇගේ දිනපොත් පහකට වැඩි වශයෙන් කියවා තිබූ අතර,

"දැන්නම් එයාට වයස දාසයක්වත් වෙන්න ඕන" ඔහු සිතුවා.

'මං හිතන්නේ මං එයාට ආදරෙයි' එක්තරා පිටුවක එලෙස සඳහන් වී තිබුනා.

'එයා ස්කෝලෙන් එලියට එනකන් මං සුපුරුදු විදියට ගේට් එක පිටිපස්සේ ගල් බංකුව ගාව හැංගිලා හිටියා. එයා හැමදාමත් වගේ පීටී කිට් එකෙන් ආවේ. එයාව යුනිෆෝම් එකෙන් දකින්නත් ආසයි. ඒත් එයා කවදාවත්ම ඒක ඇන්දේ නෑ. ඒත් එයත් එක්ක අද චූටි කෙල්ලෙකුත් ආවා. ඒ කෙල්ල එයාගේ ඇඟේ එල්ලි එල්ලි ගිය විදියට මට හොඳටම කේන්තී' ඈ කුරුටු ගා තිබුනා. ඒ අසලම කාබන් පෑනෙන්ම උස කොටට කැපූ කොන්ඩයත් සමග පීටී කිට් එකෙන් සැරසුනු රුවකුත් රැලි යුනිෆෝම් එකත් එක්ක චූටි කෙල්ලෙකුත් සිතුවම් කර තිබුනා.

'එයා මාව දැක්කද කොහෙද.. මං හැංගිලා හිටියේ. ඒත් එයා මං හැංගිලා හිටපු පඳුර දිහා දෙතුන් වතාවක්ම සැකෙන් බැලුවා. ඒත් අර කෙල්ල නම් ඕනවට වැඩී'

'මට අද චූටි කෙල්ලව මුණගැහුනා. මං එයාට කිසිම හේතුවක් නැතුව බැන්නා. දුකත් හිතුනා එයා පුදුමෙන් වගේ බලාගෙන හිටියේ'

None Of Your BusinessWhere stories live. Discover now