Chapter 13

110 22 39
                                    

"හෙලෝ" ආන්‍යා දුරකතනයට අමතමින් බැල්කනියෙන් නැවත තමන්ගේ නිවසට පය තිබ්බා.

"හෙලෝ මිස් ආන්‍යා" 

"තමුසේ කවුද?" ආන්‍යා තදින් ඇහුවා.

"මිස් ආන්‍යා... මිස් ආන්‍යා.. මිස් ආන්‍යා... ඔයා ඉක්මනට කලබල වෙනවනේ.."

"තමුසෙට මගේ කලබලෙන් වැඩක් නෑනේ මිනිහෝ.. තමුන් කවුද කියලා කියනවා මගේ යකා අවුස්සන්නැතුව"

"මං කවුද කියලවත් නොදැන මිස් ආන්‍යා මං කිව්ව දේවල් අකුරටම කරපු එක ගැන නම් සතුටුයි"

"මං තමුසේ කිව්ව මගුලක් කරේ නෑ ඕයි"

"කොහොමවුනත් මිස් ආන්‍යා ඔයා හරිම විශිෂ්ඨ රංගනයක් කරා ඊයේ ස්ටේජ් එක උඩ"

"තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ. මගේ පවුලේ අය ගැන කියනවා කිව්ව දේ කියනවා!!!" ආන්‍යා ගිහිරුවා. ඈ උන්නේ හැමදේකින්ම හෙම්බත් වෙලා.

"මං කියන්නම්. හැබැයි ඒ වෙනුවෙන් තමුන්ට දෙයක් කරන්න වෙනවා."

"ඒ මොකක්ද?"

"මිස් සරණිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන එක"

"මොකක්? තමුසෙට පිස්සුද? මට ඕන්නෑ ඒ ***-"

"ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් මිස් ආන්‍යා... මයින්ඩ් යුවර් ලැන්ග්වේජ්..."

"මිස් ආන්‍යා.. එලිවෙන්න තව ලොකුවෙලාවක් නෑනේ. මිස් ආන්‍යා දැන් යන්න මිස් සරණිගේ ගෙදරට. එයා මිස් ආන්‍යාගේ වචන නිසා හිත රිදවගෙන ඉන්නේ.. මිස් ආන්‍යා එයාගෙන් සමාව ගන්න"

"තමුසෙට පිස්සු හැදීගෙන එනවද මිනිහෝ.. මගේ මාරයා අවුස්සගන්නැතුව තියනවා ෆෝන් එක" ආන්‍යා හැදුවේ කෝල් එක කට් කරන්න. ඒත් ඊටපෙර ඈට ඇසුන නම ඈව තවදුරටත් ඇමතුමේ රදවා තබන්න හේතුවක් වුනා.

"තිනෙති ආකාර්ශා සඳකැල්මිණි.. මිස් ආන්‍යාට දැනගන්න ඕනනම් තිනෙති කියන්නෙ ඇත්තටම කවුද කියලා මං කිව්ව විදියට කරන්න"

"මං හොඳාකාරයෙන්ම දන්නවා තිනෙති කියන්නේ කවුද කියලා. උඹ මොකෙක් වුනත් උඹ මට කියලා දෙන්න ඕන්නෑ ඒක"

"මිස් ආන්‍යා හිතාගෙන ඉන්නේ තිනෙති තමයි මිස් ආන්‍යා බේරගත්තේ කියලා නේද? මිස් ආන්‍යා දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා මේ ලෝකේ"

None Of Your BusinessWhere stories live. Discover now