Chapter 06

139 29 24
                                    

"උඹට ඇක්සිඩන්ට් එක වෙලාවේ සිහිය නැති වෙන්න ඔන්න මෙන්න තියලා දැක්ක ඇස් දෙක ඔය තරම් හොඳට මතකයි නම් ඇයි එයාට ඔයාව මතක නැත්තේ ආන්‍යා? එයා ඔයාව දැක්කනේ හොඳටම. මට නම් හිතෙන්නේ මේ වෙන කෙනෙක්" ආන්‍යාගේ මූණේ තිබ්බ හිනාව අතුරුදන් වුනා.

"ආකේෂ් මේ එයාම තමා මට විශ්වාසයි. මට එයාව දැනෙනවා"

"එහෙනම් එයාට ඔයාව මතක නැත්තේ ඇයි මෝඩියේ?"

"එයාට බෑනේ එයා උදව් කරන හැමෝවම මතක තියාගන්න. ඔයත් හරිම මෝඩ ප්‍රශ්න තමා අහන්නේ ආකේෂ්"

"අනේ මංදා උඹයි උඹේ තියරියි. ඒකෙන් වැඩක් නෑ ඉතින් කවදද ඔයා මට ඔයාගේ දිව්‍යාංගනාව පෙන්නන්නේ?"

"දැන්" ආන්‍යා සෙමෙන් මිමිණුවා. ඇගේ දෑස් යොමු වෙලා තිබුනේ ජනේලයෙන් ඉවතට.

"මොකක්? ආන්‍යා මං ඇහුවේ-"

"දැන් ආකේෂ් දැන්!!! අර බලන්න එයා එනවා!!!" එකපාරම ආන්‍යා කලබල වෙලා සෝෆා එකෙන් නැගිටගත්තා. එයා ඉණතෙක්ම ජනේලෙන් එලියට දාලා පල්ලෙහා බලාගෙනයි හිටියේ.

"ආන්‍යා ඔය මොකද කරන්නේ? ඔයා වැටෙයි" ආකේෂ් ආන්‍යාගේ ටී ෂර්ට් එකෙන් අල්ලලා ඇතුලට ඇද්දා.

"ආකේෂ් එයා එනවා!!! එයා අපාර්ට්මන්ට් එක ඇතුලට ආවා. මං දැක්කා" ආන්‍යා කලබලේ ආපහු ජනේලෙන් ඇතුලට පැන්නා.

"හරි හරි ඉතින් කලබල වෙන්නෙපා මෝඩියේ"

"මේ අපාර්ට්මන්ට් එකේ මං ඇරෙන්න වෙන කවුරුවත්ම නෑ අපේ ඔෆිස් එකේ වැඩ කරන. ඒ කියන්නේ එයා ආවේ මාව හම්බෙන්නද? ආකේෂ් ඔය ටේබල් එක උඩ පොඩ්ඩක් අස් කරලා දාන්නකෝ. මේ ඔයාගේ බෑග් එක තාම පුටුව උඩ. ගෙදර ආවාම මේව පිළිවෙලකට තියන්න දන්නැද්ද?" ආන්‍යා රකුසු වේශයට ආරූඩ වෙලා බෙරිහන්දෙන්න ගත්තා.
මුවින් පිටවෙන්න යන සිනහවට ඉඩ නොදී තොල්පොටවල් එකිනෙක තදින් හපාගෙන වදනකුත් නොදොඩා ආකේෂ් ටේබල් එක අස් කරන්න ගත්තා.

මිනිත්තු පහක් ගතවුනා



























දහයක්



































None Of Your BusinessWhere stories live. Discover now