සාරන්‍ය බබා තම සෙල්ලම් වලහාත් තුරුල් කරගෙන සුව නින්දේ.. ආන්‍යාත් තිනෙතිත් ඔහුගේ දෙපසින් වැතිර තරඟයට ඔහුගේ හිස අතගාමින් උන්නා. වැරදීමකින් දෙදෙනාගේ දෑත් එකට ගැටුන අතර තිනෙති තිගැස්සී ආන්‍යා දෙස බැලුවා. එවිටත් ආන්‍යාගේ දෑස් තිනෙති මත.
"අපිට ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න පුළුවන් ද තිනෙති?" තිනෙති යමක් පවසන්න මුව විවර කරද්දිම ආන්‍යා ඉස්සර වුණා.
"මිස් ආන්‍යා?"
"අපි දැන්වත් සරණි වෙනුවෙන් එකට හිනාවෙන්න ඕන නේද?" ඈ විමසුවා.
"මිස් ආන්‍යා.. මං කොයිම වෙලාවකවත් මිස් ආන්‍යාගෙන් ඈතට ගියේ නැහැ. මං හැමවෙලේම බලාගෙන හිටියා. මිස් ආන්‍යා වෙනුවෙන්" ඈ සෙමෙන් පැවසුවා. ආන්‍යා වදනකුත් නොදොඩා ඈ දෙස බලන් උන්නා. එය සත්‍යයක්. ආන්‍යා සරණි වෙනුවෙන් ඈ ගැනම සිතමින් තිනෙතිගෙන් ඈත්ව සිටි සම්පූර්ණ කාලය පුරාවටම ආන්‍යා තිනෙතිට කොතරම් වෙනස්කම් කලද ඈ එලෙසින්ම ආන්‍යා වෙනුවෙන් බලා සිටියා. තිනෙති සරණි පිළිබඳව ප්‍රශ්න කරද්දි, ඇගේ සොහොන් කොත ළඟට යෑම ප්‍රතික්ෂේප කරද්දි, නොදැනුවත්ව සරණිට දොස් නගද්දි ආන්‍යා සෑම විටම කලේ තිනෙතිට දොස් පවරා ඈව තමන්ගෙන් තව තවත් ඈත් කිරීම පමණයි. නමුත් තම තමන්ගේ රාජධානියේ කටයුතු වල නියැලෙද්දි පවා ඈ තිනෙතිගේ දම් පැහැ දුම් කැටිය ඕනෑ තරම් දුටු අතර තිනෙති තමන් ගැන කරදර වන බව තහවුරු කරගෙන එයින් තව තවත් ආඩම්බරයට පත් වූවා මිස ඈට ළං වීමට ආන්‍යා උත්සාහ කලේ නැත. ඈ හදිසියේම තිනෙතිගේ ලා දම් පැහැ දෑස් මත පැටලුනා.
"මිස් ආන්‍යා... මං ඔයාවෙනුවෙන් අවුරුදු හයක් බලන් හිටියා. මට පුලුවන් තව ඕන තරම් කාලයක්-" ආන්‍යා සරන්‍යගේ හිසට ඉහලින් තිනෙති දෙසට නැඹුරුව ඇගේ නළල සිපගත්තා. අවුරුදු හයකට පසු ඇගෙන් ලද ප්‍රථම හාදුව විඳගන්නට ඈ තම දෑස් සෙමෙන් පියාගත්තා. පියවුන ඇහිපිය තුලින් රිංගූ දඟකාර කඳුලු බින්දුවක් ඩොග් අනුකරණයෙන් කොට්ටය උඩට පැන්නා.
"මං ඔයා එක්ක තරහකට ඔයාව මග ඇරියා නෙමේ තිනෙති.... මගේ හිත දුන්නැහැ-"
"මං දන්නවා මිස් ආන්‍යා... මට ඔයාව තේරෙනවා... මිස් ආන්‍යාගේ තැන මං හිටියත් මාත් ඔහොම හැසිරෙන්න ඉඩ තියෙනවා. දැන් පහුගිය දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ" තිනෙති පැවසුවා. ආන්‍යාගේ දෑස්වලටද කඳුලු ඉනුවේ තිනෙතිගේ වදන් හමුවේ. පෙර කුඩා ළදැරියක් මෙන් සිටි ඈ දැන් වැඩී ඇති බවක් ඈට හැඟුනා.
YOU ARE READING
None Of Your Business
Fantasy"මිස් ආන්‍යා" ඒ අර කලින් කෙල්ල. ආන්‍යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්‍යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන...