බිම වැතිරී හඬමින් උන් ආන්‍යා එකවරම පොලවෙන් නැගිටගත්තා. ඈ හඬනතුරු ඈව ආවරණය කරගෙන උන් ඇගේ දිලිසෙන කලු පැහැති පියාපත් දෙපසට වුනේ ඈ නැගිටගත් වේගයට සමාන්තරවයි. ඇගේ දෑස් වෛරයෙන් සහ හැඬීමෙන් රත් පැහැ ගැන්වී තිබුණා. දෙපසට විහිද තිබුන පියාපත් තම පිටුපසට කරගත් ඈ තවමත් ඇවිලෙමින් තිබෙන යුද්ධය මැද්දෑවට තම බර අඩි තැබුවා. ඈ එක එල්ලේ ගමන් කරේ එක් දිශාවක් දෙසටම දෑස් යොමුකරගෙන. ඇගේ මුහුණේ බියක සේයාවක්වත් පෙනෙන්නට නොතිබුණ අතර සම්පුර්ණයෙන්ම එය වෛරයෙන් පිරිලායි තිබුනේ. ඈව නැවැත්වීමට කිසිවෙකුත් ඈ අසලට ආවේද නැත. අතරමග හමුවෙන සියලු දෙනාටම ප්‍රහාර එල්ල කරමින් ඈ ඉදිරියට අඩි තිව්වාය.
එකදිගට ඉදිරියට ඇවිදගෙන ගිය ඇගේ අඩි සලකුණු නතර වුනේ බිම වැටී උන් පුද්ගලයෙක් අසල. ඔහු තරමක් තුවාල වලින් වැසී උන්නද ඔහු සෑහෙන දුරකට සුව කර ඇති බව ඔහු අසල සිහිසුන්ව වැටී උන් සුව කරන ශක්තිය හිමි අයවලුන් දුටු සැණින් ආන්‍යා වටහා ගත්තා.
"මිහිරු!!!!" ඇගේ හඬ කොතරම් ශබ්දයෙන් ඇසුනේද යත් ඔවුන්ගෙන් සැතපුම් ගණනක් ඈතින් විවේක ගනිමින් උන් සරණි සහ ආකේෂ්ද එම ශබ්දයට මුහුණින් මුහුණ බලාගත්තා. ඔවුන්ට පැවසූ කිසිවක් පැහැදිලි නොවුන මුත් යමක් සිදුවෙමින් පවතින බවක ඉව වැටුණා.
දෙදෙනාම කිසිවක් නොකියා මුහුණෙන් මුහුණ බලාගත්තා.
"යමු" දෙදෙනාම පැවසුවේ එකවරමයි. නැගිටින්න ගොස් දෙවරක්ම පය පැකිලී වැටෙන්න ගිය ආකේශ්වත් වත්තම් කරගෙන සරණි හඬ ආ දෙසට පය ඉක්මන් කලා.
ආන්‍යා මිහිරු අසල වැටී උන් සුව කරන්නන් උඩින් පැන මිහිරු අසලට ගොස් ඔහුගේ ගෙලින් අල්ලා ඔහුව ඉහලට එසවූවා. මිහිරුගේ කට කොනක වූයේ සමච්චල් සහගත සිනහවක්.
"ප්‍රියම්බිකාව මලා නේද මිස් ආන්‍යා??" ඔහුගේ කැත හැක හැක සිනහව සමග ඔහු ඇසුවා. ආන්‍යා හැකි වෙර යොදා ඔහුව තණ බිස්සේහි ඈතට විසි කල අතර ඔහු විසිවී ගොස් තදින් පොලවේ හැපී වැටුණා. එකෙනෙහිම ඔහු වෙතට පැන්න ඈ ඔහුගේ මුහුණ නොපෙනී ලෙයින් වැසෙන තුරුම ඔහුගේ මුවට මුෂ්ටි ප්‍රහාර එල්ල කලා.
YOU ARE READING
None Of Your Business
Fantasy"මිස් ආන්‍යා" ඒ අර කලින් කෙල්ල. ආන්‍යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්‍යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන...