Chapter 17

108 24 9
                                    

දොර හොඳින් වැසුන බව ස්ථීර කරගත් ආන්‍යා කලබලෙන්ම දුවගෙන ගියේ නිවසින් පිටත් වෙන්න ප්‍රථම සරණි කලබලෙන් වසා දැමූ ලාච්චුව වෙතයි. එහි යතුර යතුරු කටෙහිම තිබීම ආන්‍යාගේ වාසනාව විය. ඈ යතුර කරකවලා ලාච්චුව එලියට ඇද්දා. ලාච්චුවේ උඩින්ම තිබුනේ සරණි ආන්‍යා දුටු වෙලේ ලහි ලහියේ ලාච්චුවට ඔබපු ඡායාරූපය. ආන්‍යා එය දෑතින්ම ගත්තේ අසල තිබුන පුටුවකට බර වෙමින්.

එය සාමාන්‍ය ප්‍රමාණයේ ඡායාරූපයක්. එහි ගැහැණු ළමයෙකුත් වැඩිහිටි ගැහැණු කෙනෙකුත් එකිනෙකාට තුරුල් වී ආන්‍යාට මදහසක් පාමින් උන්නා. ගැහැණු දරුවා සරණි වූ අතර වැඩිහිටි ගැහැණු කෙනාට තිබුනේත් ඇගේ මුහුණුවරමයි.

"මේ සරණිගේ අම්මාද? එතකොට එයා දැන් කෝ? එයා මැරිලාවත්ද? ඒ නිසාද සරණි ඇඬුවේ?" ආන්‍යා තමන්ටම මුමුණාගත්තා. තවත් මොහොතක් එදෙස බලන් උන්න ආන්‍යා බර සුසුමක් හෙලලා ඡායාරූපය නැවත ලාච්චුවට ඇතුල් කරා.

ඉන්පසු ඈ නිරත වුනේ සෝදිසි මෙහෙයුමක. සරණිගේ කාමරයේ තිබූ සියලුම කබඩ්, අල්මාරි, මේස ලාච්චු සියල්ලම ඇද දමමින් නැවත් අඩුක් කරමින් ඈ ඇයවත් නොදන්න යමක් සෙව්වා.

'මොකක්හරි හෝඩුවාවක්' ඇයට වුවමනා වුනේ එයයි.
සරණිගේ ඇඳුම් කබඩ් එක ඇතුලේ තිබිලා ඈට ෆොටෝ ඇල්බම් එකක් හමුවුන අතර ඈ එයත් රැගෙන සරණිගේ ඇඳ උඩින් වාඩි වුනා.

'බලමු සරණිගේ ෆැමිලි එකේ අය' ඈ මුමුණමින් පිටු පෙරලන්න වුනා. මුලු ඇල්බමයම ඇගේ තනි ඡායාරූප සහ යහලුවන් සමග ගත් ඡායාරූප වලින් පිරී තිබුන අතර ආන්‍යා පිටු පෙරලන්න වුනේ බලාපොරොත්තු කඩ වූ දෑසින්.

'මේ කෙල්ල තනියමද මේකේ ජීවත් වෙන්නේ?' ඈ තමන්ටම කියාගත්තා.

"අහ්? ඒ මොකක්ද?" යහලුවන්ගේ ඡායාරූප පමණක් නිසා තරමක් වේගයෙන් පිටු පෙරලූ ඈ එකවරම නැවත ආපස්සට පිටු පෙරලන්න වුනා.

"මොකක්?? මිහිරු??" ආන්‍යා පුදුමයට පත් වූ දෑසින් එම ඡායාරූපය දෙස බලා උන්නා. එය මුල් ඇල්බමයටම තිබූ එකම පවුලේ ඡායාරූපය වූ අතර ආන්‍යා එක පවුලේ ඡායාරූපයක් බවට අනුමාන කලා. එහි වූයේ සරණිත් පෙර ඡායාරූපයෙහිත් ඈ දුටු ඇගේ මව යැයි සිතිය හැකි ගැහැණියත් තවත් මැදිවියේ පිරිමියෙකුත්.... මිහිරුත්??

None Of Your BusinessWhere stories live. Discover now