Chapter 20

79 18 15
                                    

"මිස් ආන්‍යා" බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව සරණි ආන්‍යාව ඇමතුවා. ඔවුන් දෙදෙනාම උන්නේ සරණිගේ ඇඳේ හාන්සි වීගෙන. ආන්‍යා ඇගේ දෑස් තම වැලමිටත් මැණික් කටුවත් අතර කොටසින් ආවරණය කරගෙන එක කකුලක් දණහිසෙන් නවාගෙන හාන්සි වී සිටි අතර සරණි ඈට වම්පසින් බිත්තිය කෙලවර ගුලි වී උන්නා. පැය කිහිපයක්ම ඔවුන් එලෙසම උන් අතර එක් අයෙක්වත් අසලට නිදිදෙව්දුව ළගා නොවූයේ ඔවුන් දෙදෙනාම නොනවත්වාම තම සිතිවිලි තුල අතරමං වී සිටි බැවිනි.

"ම්ම්ම්ම්" ඇගේ ඇමතුම බලාපොරොත්තුව සිටියාක් මෙන් ආන්‍යා විගසින් ඈට පිළිතුරු දුන්නා.

"මට මිස් ආන්‍යාට කියන්න ලොකු කතාවක් තියෙනවා"

"ඉතින් කියන්න" ඈ ගණනකට නොගෙන පැවසුවා. තප්පර කිහිපයක් ගතවූවද සරණිගෙන් කිසිදු ශබ්දයක් නොවූ තැන ආන්‍යා තම අත තම දෑසින් ඉවත් කර ඈ නිදා උන් දෙස බැලුවා. නමුත් ඈ එතන සිටියේ නැහැ. ඈ අනෙක් පස බැලූ විට ඈ ආන්‍යාගේ දෙපාමුල දණගසාගෙන උන්නා. ආන්‍යා ඈ දුටු බව තහවුරු කරගත් පසු සරණි තම හිස බිමට නැඹුරු කරගත්තා.

"සරණි?? මේ මොකද කරන්නේ ළමයෝ?" ආන්‍යා විගස ඇදෙන් නැගිට්ටා.

"මට සමාවෙන්න මිස් ආන්‍යා" සරණි හැඬුම් අතරින් පැවසුවා. දිග සුසුමක් හෙලූ ආන්‍යා සරණිව නැගිටුවාගෙන ඈව ඇඳෙන් වාඩිකෙරෙව්වා.

"මං දන්නෑ ඔයා කරපු වරද මොකක්ද කියලා. නමුත් ඔයා ඒ ගැන හුඟක් පසුතැවිලි වෙනවා කියලා මට තේරෙනවා. ඒ නිසා දැන් ඒක කියලා ඔයාගේ හෘද සාක්ෂිය නිදහස් කරගන්න"

"මිස් ආන්‍යා මට සමාව දෙනවා නේද?" ආන්‍යා කිසිත් නොපවසා ඈ දෙස එක එල්ලේ බලාගෙන උන්නා.

"මිස් ආන්‍යා ඔහොම බලන් ඉද්දි මට කියන්න බය හිතෙනවා"

"ඔයා මොන වරද කරලා තිබ්බත් මං ඔයාට ඔහොම සතෙක්ට වගේ ගහන්නේ නම් නෑ" ඈ කිව්වා

"මිස් ආන්‍යා?"

"ඕන මෝඩයෙක්ට තේරෙනවා ඔය කම්මුල උලුවස්සක වැදිලා නෙමේ කියලා. ඇඟිලි පාරවක් පහම හිටලා" සරණි ඇගේ අතකින් ඇගේ කම්මුල අල්ලගත්තා.

None Of Your BusinessWhere stories live. Discover now