Chapter 15

102 21 11
                                    

Flashback

"Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday dear Aanyaa
Happy Birthday to you...."

ආන්‍යාගේ විසි එක්වන උපන්දිනය දා රාත්‍රී දොලහට ඇගේ කාමරයට තිනෙති සහ ආකේෂ් පැමිණියේ විශාල කේක් එකක්ද රැගෙනයි. ඔවුන් සමග පිටුපසින් මිහිරු සමග කෙනුල්ද පැමිණියා.

රවුම් හැඩයට නිමවා තිබුණ කේක් එක මැද ආන්‍යාගේ GIXXER එකත් ඒ අසලම බයික් එකට හේත්තු වී සිටින ගැහැනු ළමයෙකුගේ රුවක්ද අයිසින් කර තිබුණා.

Happy 21st Birthday Aanyaa එහි කෙලවරක වැල් අකුරින් ලියා තිබුනා

"ඒක ලස්සනයි" ආන්‍යා එදෙස බලාගෙන මිමිණුවා. තිනෙති ඇස් සිහින් කර සිනාසුනා.

කේක් කපලා අයිසින් ෆයිට් වලින් පස්සේ උදා වුනේ ආන්‍යාගේම විදියට බර්ත්ඩේ එක සමරන අවස්තාවයි. ඈ ශීතකරනයෙන් බියර් කෑන් තුනක් එලියට ගත්තා.
තිනෙති ආන්‍යා දෙස හෙලුවේ අනුමත නොකරන බැල්මක්.

"අපි truth or dare දාමු" ආන්‍යා පැවසූ අතර එය ආන්‍යාගේ දිනය නිසා කිසිවකට එරෙහිවන්නට නොහැකිව තිනෙතිත් ආකේෂ්ත් ලතැවුනා.

"Truth or dare?" තිනෙති ප්‍රශ්න කරා.

"ඔව්. ඔයා ඒ ගේම් එක කරලා නැද්ද මීට කලින්?

"නෑ"

"හරි මේකයි. හැමෝම රවුමට වාඩි වෙනවා. ඊටපස්සේ මං බෝතලේ කරකවනවා...
මගේනේ බර්ත්ඩේ එක. බෝතලේ කට හැරවෙන කෙනාගෙන් මං අහනවා truth  ද dare ද කියලා. එයා truth කිව්වොත් එයා මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. Dare කිව්වොත් මං කියන දෙයක් කරන්න ඕන." ආන්‍යා පැහැදිලි කරා. තිනෙති ඔලුව වනලා ආන්‍යාත් ආකේෂ්ත් මැද්දෑවෙන් රවුමට වාඩි වුනා. 

"එතකොට කොයිවෙලේද අපි බොන්නේ?" ඈ නැවතත් ප්‍රශ්න කරා. ඒ පැනයට සියලු දෙනා හඬනගා හිනාවුනා. 

"තමන්ගේ පැත්තට බෝතලේ කට හැරවුනාම ඒ කෙනා එක සිප් එකක් බොන්න ඕන" ඈ තිනෙතිගේ නහය මිරිකුවා. ඈ රතුව ඉදිරිය බලාගත්තා.

බෝතලේ මුලින්ම කැරකුවේ ආන්‍යා. බෝතල් කට හැරවුනේ කෙනුල් දෙසට.

"ම්ම්ම් හොඳයි කෙනුල්.. truth or dare?"

"Truth" කෙනුල් ගත් කටටම කිව්වා. එයා ඕන දෙයක් කියන්න තරම් කන්ෆිඩන්ස් පිට හිටියේ.

None Of Your BusinessWhere stories live. Discover now