Chapter 26

65 17 16
                                    

"කුමරියනි ඉක්මන් කරන්න. මහීරධ කුමරු දැනටමත් මෙහි පැමිණෙනවා ඇති" අශ්වින් කුටු කුටු ගානවා. මිනිත්තු දෙක තුනකින් තිනෙති දෑස් හැර බැලූ අතර ඈව වෙහෙසට නැවත ඇඳ උඩටම කඩාගෙන වැටුනා.

"කුමරියනි!!!" අශ්වින් ඈව අල්ලා ගත්තා. තිනෙති ඇගේ මනසින් ඇගේ දුම් කැටිය ආකේෂ් ළගට පිටත් කර හැර තිබූ අතර ඒ වෙනුවෙන් ඈට ඇගේ ශක්තිය බොහෝ ලෙස වැය වී තිබුනා. ඈ දින තුනකින් අහරක් නොගෙන තිබීමත්, දරුණු වද හිංසා නිසාත් ඇගේ වත ඉතාමත් දුර්වල තත්වයක තිබූ නිසා ඈ දුම් කැටිය පිටත් කොට හැරීමෙන් ඈව තවත් දුර්වල තත්වයකට ඇද දමා තිබුනා.

"ප-පණිවිඩේ දුන්නා. ඉතුරු ටි-ටික ආකේෂ්ට බාරයි" ඈ වේගයෙන් හුස්ම ගන්නවාත් සමග අපහසුවෙන් මිමිණුවා.

"කුමරියනි ඔබට අසාධ්‍යයි. කරුණකර මගේ පිටට නගින්න. මං කුමරියව ආරක්ෂිත ස්ථානයකින් තබන්නම්" අශ්වින් ඈ අසල දණ නවාගත්තා.

"එපා අශ්වින්. ඔයාගේ පවුලේ අය මං නිසා තවදුරටත් අනතුරේ දාන්න එපා. අපි මහීරධට මුහුණ දෙමු. හැබැයි එයා මේ වෙද්දිත් මිස් ආන්‍යාගේ මුද්ද අරගෙන නම් අපිට එයාට මුහුණ දෙන එක අමාරු වේවි" ඈ සුදුමැලිව පැවසුවා.

ඔවුන්ට ඈතින් බර අඩි තබන ශබ්දයක් කන වැකුණ අතර දෙදෙනා තමන්ගේ දෑත් තදින් මිරිකාගෙන දොරටුව දෙස බලාගෙන උන්නේ එන ඕනෑම දෙයකට තමන්ට හැකි උපරිම ශක්තියෙන් මුහුණ දීමටයි.













පුරා පැයක් තිස්සේ ආන්‍යා තිනෙතිගේ කාමරයේ සීතල පොලව මත වාඩිවී භාවනාවෙහි නිරත වූ අතර විටෙන් විට විවේක ගනිමින් සරණි ආකේෂ්ව සුව කිරීමෙහි යෙදුනා.  සරණිගේ හිස බමන්නටත් ඔක්කාරයට ඒමත් සැරෙන් සැරේ සිදුවූවද ඈ ඒ පිලිවඳව ආකේශ්ට පැවසීමට පසුබට වුනා.

"ඔයාට අමාරුයි නම් විවේක ගන්න සරණි. මට දැන් සුවයි" ආකේෂ් දෙවරක්ම සරණිව වැළකුවද ඈ දිගින් දිගටම සුවකිරීමෙහි නිරත වුනේ ඇගේ අයියා විසින් මිස් ආන්‍යාගේ හොඳම යහලුවාව කපා කොටා දා තිබීම වෙනුවෙන් ඈට කල හැකි එකම දෙය ඔහුව සුව කිරීම පමණක් නිසා. ආන්‍යා හෝ ආකේෂ් ඇගේ අයියා පිළිබඳව ඇගෙන් කිසිවක්ම නොවිමසූ අතර ඇය ඒ පිළිබඳව සමාව ඉල්ලීමට හෝ නොහැකිව ලතැවුනා. ඈට දැනුනේ ඔහු ඇගේ අයියා යැයි පැවසීමටත් ලැජ්ජාවක්. ඈ මෙතෙක් කල් ඔවුන්ව අන්ධ ලෙස විශ්වාස කිරීම පිළිබඳව තමන් ගැනම තරහවක්. මෙය කුමනාකාරයේ තරහවක් වුවත් කිසි දෙයකට සම්බන්ධ නැති ආකේශ් වැනි අහිංසක කෙනෙක්ව එලෙස අමානුෂික ලෙස කපා කොටා දැමීම සම්පුර්ණයෙන්ම සාපරාධී ක්‍රියාවකි.

None Of Your BusinessWhere stories live. Discover now