"කුමරියනි" සෙන්පතිගේ හඬින් ආන්‍යා ආකේෂ්ගේ තුරුලේ සිටම හිස එසවූවා.
"ඔහු පැමිණිලා" සෙන්පතිට පසුපසින් හිස පහත් කරගත් පුද්ගලයෙක් ඉදිරියට පැමිණියා.
"කුමරියනි" ඔහු ආචාර කරා.
"එන්න" ආන්‍යා ආකේෂ්ගේ අතින් ඇද්දා.
"මට බෑ.... මට එයාව දාලා යන්න බෑ ආන්‍යා"
"ආකේෂ්... විකාර කරන එක නවත්තන්න. මට බෑ ඔයාවත් නැති කරගන්න" ආන්‍යා ආකේෂ්ගේ අතින් නැවතවරක් ඇද්දා. ආන්‍යාගේ දෑස් ඉදිමී රතුව මුහුණ තෙහෙට්ටුවෙන් බරව තිබුණේ ඇගේ වේදනාව මනාව පැහැදිලි කරමින්. ඈ ආකේෂ් දෙස ආයාචනාත්මක බැල්මක් හෙලුවා.
"කරුණාකරලා... අකේෂ්... ප්ලීස්...."
ආකේෂ් පණ නැත්තෙක් මෙන් සීතල පොලව මත වැටී ඉවත බලන් උන්නේ ඔහුට තිනෙතිගේ සිරුර දෙස තවත් බලා සිටිය නොහැකි තැනයි. ආන්‍යා උන්නේද ආකේෂ් දෙස බලාගෙන. සෙන්පතිත් ඖෂධ ලබාදෙන්නාද ආකේෂ් වෙත තමන්ගේ අවධානය යොමු කල අතර සියල්ලන්ටම සරණිත් අශ්විනුත් ස්වල්ප මොහොතකට අමතක වූවා.
මෙතෙක් වේලා සිදුවන සියල්ල දෙස දුක්බරව බලාගෙන උන් සරණි සෙමෙන් සෙමෙන් තිනෙති වෙතට ඇවිදගෙන ගියා. අශ්වින් උන්නේ කාමරයේ කෙලවරකට වීය. ඔහුගේ කුඩා කල මිතුරිය වසර ගණනාවකට පසු පලමු වරට තමන් දුටු මොහොත ඔහුගේ සිහියට නැගුණ අතර ඈ මේ මොහොත වනවිට මෙලොවින් සමුගැනීමට ප්‍රධානම හේතුව තමන්ම බව යැයි පවසන තමන්ගේම හෘද සාක්ෂියෙන් ඔහුට නිදහස් වීමට නොහැකි වූවා. ඔහු නිහඬවම ගල් බිත්තියට පිටදී ඔහේ කාමරය දෙස බලාගෙනයි උන්නේ. නොනවත්වාම ඔහුගේ දෑසින් උණු කඳුලු ගලාගෙන ගියා.
තිනෙති අසලට සෙමෙන් ගමන් ගත් සරණි මෘදුව තම දෑත් අතරට තිනෙතිගේ දකුණත මැදි කරගත්තා. ඉන්පසු සෙමෙන් තිනෙතිගේ සවනක් වෙත නැඹුරු වූ ඈ, ඇගේ සවනකට සෙමෙන් මිමිණුවා,
"ප්‍රින්සස්, කරුණාකරලා මිස් ආන්‍යාව හොඳින් බලාගන්න." ඈ තිනෙති වෙතින් සෙමෙන් ඉවත් වූවා.
ඉන්පසු ඈ තිනෙතිගේ පපුව මතින් දෑත් තබාගෙන තම දෑස් පියාගත්තේ ධ්‍යාන්‍යකට සමවැදී මෙනි. කාමරයේ වූයේ සැරින් සැරේ හූල්ලන ආකේෂ්ගේ හඬ පමණක්මයි. ආන්‍යා කෙතරම් දැඩිව තම වේදනාව පාලනය කරගත්තාද කිවහොත් ඇගේ දෑස් වියලිව හිස්ව එක එල්ලේ ආකේෂ් දෙසට එල්ලවී තිබුණා.
YOU ARE READING
None Of Your Business
Fantasy"මිස් ආන්‍යා" ඒ අර කලින් කෙල්ල. ආන්‍යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්‍යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන...