Chapter 14

92 22 5
                                    

"කොහෙද බං අතුරුදන් උනේ?" ආන්‍යා අපාර්ට්මන්ට් එකට ආ සැනින් ආකේෂ් කඩන් පැන්නා.

"සරණි බලන්න ගියා" ආන්‍යා ඇඟට පතට නොදැනී කිව්වා.

"මොකක්? උඹට මොලේ අමාරුවක් හැදීගෙන එනවද? ඒකිව බලන්න ගියේ මොන එහෙකටද උලමියේ?" ආකේෂ් ආන්‍යාට ටොක්කක් ඇන්නා. ආන්‍යා උන්නේ හෙම්බත්ව.

"මං දන්නෑ ආකේෂ්. මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න" ආන්‍යා තම කාමරය දෙසට පියනගන ගමන් පැවසුවා.

"මොකක්ද උඹ පෙන්නන්න තියෙනවා කිව්වේ?" ඈ දොර අසල නැවතුනා.

"වොශ් එකක් දාගෙන එන්නකෝ. ඊටපස්සේ බලමු" ආකේෂ්ගේ හඬට කලකිරීමක් මිශ්‍ර වෙලා. දෙන්නම උන්නේ තෙහෙට්ටුවෙන්. ආන්‍යා පැයක් දෙකක් වතුර මල යටට වෙලා උන්නා. ඇයට නැවත නැවතත් නන්නාදුනන අංකයෙන් පැමිණි ඡායාරූපය මතක් වුනා. ඇගේ දැඩි සිත මෙලෙක් කරගෙන ඇගේ කොපුල් දිගේ කඳුලු වැල් ගමන් කරන්න වුනා.

"ඔයා කොහොමද ඒ විදියට වෙන මිනිහෙක්ගේ තුරුලේ හිටියේ තිනෙති?" ඈ මිමිණුවා.

පසුගිය මාසය පුරාවටම විවිධ අවස්තාවන් වලදි ඈව තමන් තුරුල් කරගත් ආකාරය ආන්‍යාට මතක් වුනා.

"ඔයා මට අකමැති නම් ඇයි ඒ හැම වෙලාවකම තව තවත් මට තුරුල් උනේ?? ඇයි මාව තල්ලු කරලා පැත්තකට වුනේ නැත්තේ?? ආෂ්ෂ්ෂ් තිනෙති ඔයා මොන මගුලක්ද මට කරේ?" ආන්‍යා බාත් ටබ් එකේ ජලය තදින් කලතන්න වුනා.

"ඔයාට පුළුවන් ද මොන දේ වුනත් මාව විශ්වාස කරන්න?" ඈට හදිසියේම තිනෙතිගේ අවසන් පැණය මතක් වුනා.

ආන්‍යා දඩබඩ ගාලා බාත් ටබ් එකෙන් පිටතට පැන්නා. ටවල් එක දවටාගන්නවත් නොනැවතුනු ඈ යුරේකා යුරේකා යැයි කෑ ගසාගෙන පාර පුරා දිවගිය ආකිමිඩිස් වගේ 'මං කොහොමද පිට මනුස්සයෙක්ව මගේ කෙල්ලට වඩා විශ්වාස කරේ?' කියාගෙන කාමරේට දිව්වා.

ආන්‍යා තම ජංගම දුරකතනය ගෙන එම ඡායාරූපය සොයාගත්තා.
එය තරමක් අඳුරු පින්තූරයක්. කොටු හැඩයට කපාගත් විශාල කලුගල් වලින් හැදුන රවුම් කාමරයකි එය. එහි මැද තිබුන විශාල රවුම් ඇඳක ඈ වැතිරී උන්නා. ඈ අතුරුදන් වූ දිනයේ හැඳ සිටි ලා දම් පැහැති ස්වේටරයත් කෙටි සුදු ස්කර්ට් එකත් බූට් සපත්තුත් එලෙසම තිබුනා. ඇගේ දෑස් කලු පැහැති රෙදි කඩකින් ආවරණය කර තිබූ අතර ඇගේ දෑත් ඇඳ වියලට තබා බැඳ තිබුණා.

None Of Your BusinessWhere stories live. Discover now