Chapter 18

98 19 10
                                    

ගලින් බැඳ තිබූ මාලිගාවේ උස් කුලුණු, මාලිගයේ ඉදිරිපස දොරටුව අසල තේජවන්තව නැගී සිටි සුදු මකර පිළිරූ දෙක, කඩිමුඩියේ එහෙ මෙහෙ ගමන් කරන කාර්‍යක්ෂම සේවකයන් සහ හමුදාවන් සුදු මකර රාජධානියේ තේජස මොනවට කියාපෑවා.

නමුත් කිරි කොකුන් අතර ඉන්න කන කොකුන් මෙන් අසාමාන්‍ය ලෙස සුදු හම සහිත මිනිසුන් අතරින් පතර උන් දුඹුරු සම සහිත මිනිසුන් සහ ඒ මිනිසුන් සුදු මිනිසුන් හට අණ දෙන ආකාරයෙන් රාජධානිය සතුරන් හට යටත් වී ඇති බවක් පෙන්නුම් කරා.

ගලින් බැඳ ඇති මාලිගයේ දකුණු කෙලවර උස් සිලින්ඩරාකාර කණුවක් මුදුනේ එක් කාමරයකි. කාමරය උණුසුම් කිරීමට දල්වා තිබුණු ගිනි උඳුනෙන් මිත්‍රශීලි උණුසුමක් පිටවුනා. ගින්නෙන් දැවෙන දඬු වලින් නැගෙන පට පට ශබ්දය ඉතා ප්‍රියමනාප වටපිටාවක් කාමරයට එකතු කරා.

කාමරයේ තවත් කෙලවරක සුදු ඇඳ ඇතිරිලි දැමූ විශාල ඇඳක් වූ අතර එහි හාන්සි වී උන්නේ සුදු හම සහිත පිරිමියෙකි. කකුල් දෙක ඇඳෙන් පහලට වැටෙන ආකාරයට ඇඳෙහි දිගා වී උන් ඔහු ඔහුගේ විශාල මස් ගොබ පිරුණ අතකින් ඔහුගේ මුහුණ ආවරණය කරගෙන උන්නා.

"අශ්වින්!!! මට යන්න දෙනවා මිනිහෝ!!!" මාලිගයේ වම් කෙලවරේ උස් කුළුණෙහි බැඳ දමා සිටි ත්‍රෛලෝකාක්ශිගේ හඬ අශ්වින්ගේ දෙසවන් විනිවිද ගියා. ඔහු දෑතින්ම තදින් තම කන්දෙක ආවරණය කරගත් අතර එවිට ඔහු මෙතෙක් ආවරණය කරගෙන උන් මුහුණ නිරාවරණය වුනා.

ඔහුගේ මුහුණ ඉතාමත් කඩවසම්. සමෙහි වූ කිරිගරුඬ පැහැය ඔහුට තරමක සුකොමාල බවක් රැගෙන ආවත්, ඝනව නැතත් සාමාන්‍යයෙන් වැවී තිබුණ රැවුල, සෘජු නාසය සහ තදින් පියවුණ තොල්, තියුණු දෙනයන ඔහුගේ කඩවසම් බව මොනවට කියාපෑවා. ඔහුගේ ඇස් වට අඳුරු පැහැ ගැන්වී තිබුනේ ඔහු දවස් කීපයක්ම නිදිවැරූ බව සනාත කරමින්. ඔහුගේ මුහුනෙහි වූයේ ඉතාමත් වෙහෙසකර බවක්.

"මට එකපාරක් ආන්‍යාව බලන්න දීපල්ලා!!! ඊටපස්සේ මාව මරලා දාපල්ලා!!!" ත්‍රෛලෝකාක්ශිගේ හඬ, හැඩි දැඩි දෑත් වලින් තදකරගෙන උන්න අශිවින්ගේ දෙසවන් තුලට රිංගගත්තේ අශ්වින්ගේ තියුණු දෑස් පියවී ඒ තුලින් සිහින් කඳුලු පේලි දෙකක් කොපුල් දිගේ ගමන් කරද්දීය.































None Of Your BusinessWhere stories live. Discover now