Chapter 12

96 22 9
                                    

"ඔබ අමතන ජංගම දුරකතනය ක්‍රියවිරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. කරුණාකර මද වේලාවකින් නැවත අමතන්න" එක දිගට ප්ලේ වන පටිගත කරන ලද රෙකෝඩ් එක අහගෙන ආන්‍යා ෆෝන් එක දෙස හිස් බැල්මෙන් බලාගෙන හිටියා.

පෙරදින තමන්ට දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා හෝ තිනෙති පිලිබඳව කිසිදු හෝඩුවාවක් තිබුනේ නැහැ. ආන්‍යාගේ හිස යකා නැටූ පිට්ටනියක් මෙනි. ඈ විසිවෙනි වතාවටත් ඇගේ මූණට වැටුන කෙස් රොදක් කේන්තියෙන් පසුපසට කරා.

පෙරදින සිදුවූ කතාබහෙන් පසු ආන්‍යාට තිනෙතිව සොයාගත නොහැකි වූ අතර ආන්‍යා ඇගේ ආම්පන්නත් රැගෙන අපාර්ට්මන්ට් එකට පැමිණියේ ඈ ඒ වනවිටත් නිවසට පැමිණ ඇත්දැයි සැක කරමින්. නමුත් ඈත් ආකේෂ්ත් මුලු රාත්‍රිය පුරාවටම සෝදිසි කරලත් තවමත් ඈ පිළිබඳව කිසිදු ආරංචියක් ලැබුනේ නැත.

ඉන්පසු ආන්‍යා ප්‍රශ්නයේ තවත් කෙලවරක් අල්වා ගැනීම සඳහා පෙරදින තමන්ට නාදුනන අංකයකින් ලද දුරකතන ඇමතුම ලබාදුන් තැනැත්තා සම්බන්ධ කරගැනීමට උත්සාහ කලත් එයද මෙතෙක් සාර්ථක වූයේ නැත.

"F***" ආන්‍යා මේසය උඩ තිබූ සියල්ල අතින් තල්ලු කර බිමට දැම්මා. ඈ නිරායාසයෙන්ම යැවුනේ ශීතකරනය අසලට. අනිච්ඡානුගවම අතට ගත් බියර් කෑන් එක ඈ එක උගුරට හිස් කලේ කිසිදු සිහියකින් නොවේ. දහවෙනි කෑන් එකත් බිමදිගේ රෝල් වෙද්දියි ආකේෂ් නිවසට පැමිණියේ. ඒ වනවිට ඉර බැස යන හෝරාවටත් ආසන්නයි.

බිම දිගේ රෝල් වී ගොස් තිබුන බියර් කෑනුත් ශීතකරනය අසලම බිම වාඩි වී ශීතකරනයටම හිස තබාගෙන උන් ආන්‍යාත් දැක ආකේෂ්ගේ මාරයා ආවේස වුනා. තිනෙති ආගිය අතක් නොමැති එක පිළිබඳ ඔහුත් බලවත් වේදනාවකිනුයි හිටියේ. පහුගිය මාස එකහමාර තුල ඔවුන් දෙදෙනා අතරද ශක්තිමත් මිතුදමක් ගොඩනැගී තිබීමයි එයට හේතුව.

"තව බීපන්.. ඕක අස්සේ තියෙන ඔක්කොම එලියට අරං බීපන්. බිව්වම හරිනේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවනේ එතකොට. අර කෙල්ලට මොකක්හරි කරදරයක් වෙලාද කියලා මං උදේ ඉදන් දහ අතේ හොයනවා. මේ මෝඩ දෙන මෙතන කටගොන්නක් බීගෙන වැටිලා ඉන්නවා. එතකොට අර කෙල්ලව හම්බෙනවද උලමියේ?" වාක්‍ය අවසන ආකේෂ්ගේ හඬත් බිඳිලා. ඔහුත් ආන්‍යාට පසෙකින් වාඩිවුනා.

None Of Your BusinessWhere stories live. Discover now