Chapter 33

69 19 9
                                    

"මිස් ආන්‍යා..." තමන්ට පිටුපා යන ආන්‍යා දෙසට තිනෙති හඩ නැගුවා. ආන්‍යා ගල් ගැසුනාක් මෙන් එතැනම නැවතුනා...

"මිස් ආන්‍යා...." තිනෙති ඈ ළගට පැමිණෙමින් පැවසුවා... මේ ඈ අවුරුදු ගණනාවකට පසුව තිනෙති සමග තනි වුනු ප්‍රථම වතාව.

"මං දන්නැහැ මට සිහිය නැතිව හිටිය කාලේ වුණේ මොනවද කියලා.. සරණිව මිස් ආන්‍යාගේ ජීවිතේ මේ තරම් වැදගත් චරිතයක් වුණේ කොහොමද කියලත් මට තේරෙන්නැහැ... ඒත් මොනදේ වුණත් මිස් ආන්‍යා... කරුණාකරලා අපිට බැරිද අඩුමගානේ යාලුවෝ වගේවත් ඉන්න?" ඈ විමසුවා.

"මගාරින්න එපා මාව" ඈ ඈටවත් නෑසෙන ගානට මිමිණුවා.

මෙතෙක් වේලා පොලවට තම මුහුණ බරකරගෙන හුන් ආන්‍යා තම හිස එසවූවා. ඇගේ දෑස් ගිනියම් රත් පැහැයෙන් දිදුලද්දි ඇගේ දෑත් මිට මෙලවී තිබුණා. ඇගේ කලු විශාල පියාපත් ඇගේ දපසින් විහිදුනේ ඈ ඉන්නේ කේන්තියෙන් බව අගවන්න.

"සරණි ගැන ඔහොම කතා කරන්න එපා..." ඈ ගොරහැඩි හඩකින් පැවසුවා.

"සමාවෙන්න" තිනෙති වහ වහා පවසා ඉවතට ඇවිදගෙන ගියා

"මිස් ආන්‍යා ගිහින් එන්න. මං ආපහු රාජධානියට යනවා." ඈ යන අතරමග පැවසුවා. ක්ෂණිකව ඈ වෙතට කඩන් පැන්න ආන්‍යා ඇගේ අතකින් ඇද ඈව වෙහිකල් පාක් එකේ බිත්තියකට තද කලා. ඇගේ හිස් 'ඩොග්' හඬින් තදින් බිත්තියෙහි වැදුණා.

"මේ වතාවේ ඔයා එන්නම ඕන. තමුසේ සරණිව මගාරින ගානේ ඒ කෙල්ලට දුක හිතෙනවා කියලා තේරෙන්නැද්ද?" ඈ පැවසුවා. ආන්‍යාගේ රත් පැහැ වුණ දෑස් දෙස භීතියෙන් බැලූ තිනෙති තම හිස සෙලවූවා. 

"හොදයි" ඇගේ කොපුලක් දිගේ කදුලු බිදුවක් රූරා වැටුණා... ඇගේ කදුලු බින්දු දුටු සැණින් ආන්‍යාගේ දෑස්  පුලුල් වුණා. ඈට තමන් හැසිරුණ ආකාරය පිළිබදව වැටහුනේ එවිටයි. 

"ඕහ් තිනෙති" ඈ වහා තිනෙතිගෙන් මෑත්ව තම හිස බිමට බරකර දෑස් පියාගත්තා. ක්ෂණයෙන් ඇගේ විශාල පියාපත් ඈ තුල සැගවී ගත් අතර ඇගේ ඇහිබෝල නැවත කලු පැහැයට හැරී තිබුණා. 

"තිනෙති සමාවෙන්න මට" ආන්‍යා මිමිණුවා. තිනෙති ඇගේ අතින් මෘදුව අල්ලාගත්තා.

None Of Your BusinessWhere stories live. Discover now