Chapter 24

71 18 22
                                    

"කුමරියනි එසේ කරන්නේ කෙසේද? එහි තිබෙන සැලැස්ම කුමක්ද?" අශ්වින් කලබලයෙන් විමසුවා.

තිනෙති හඬනගා සිනාසුනා.

"අශ්වින් කලබල නොවන්න. මං පැහැදිලි කරන්නම්"

"ඔබේ සිනහව ඇසීමත් සිතට සැනසීමක් ගෙනදෙනවා කුමරියනි. දැන්නම් මා මියැදුනත්-"

"අඥාණ බස් පවසා නොසිටිනු!!!"

"එසේය"

"කුමරියනි... මහීරධ කුමරුන් හදිසියේම මාලිගයට පැමිණිලා!!!" සේවිකාවක් කලබලෙන් දැනුම් දී කුටියෙන් පිටත්ව ගිය අතර තුෂ්නිම්භූතව අශ්වින් ත්‍රෛලෝකාක්ශි දෙස බැලුවා.






"ඒත් මිස් ආන්‍යා??? අපි ෆොටෝ එක යැව්වොත් අයියා ඒක තිනෙතිට පෙන්නාවි. එයා තවත් මානසිකව වැටෙයි එහෙම වුනොත්." ආන්‍යා ඈ දෙස තදින් බැලුවා.

"තිනෙති?? ඔයාගේ අයියා මොනාද එයා ගැන දන්නේ?? එයා නිකන්ම නිකන් ෆොටෝ එකක් නිසා සැලෙන කෙනෙක් නෙමේ. එයාව ඒ විදියට වට්ටන්න නම් ඔයාගේ අයියට තව ටිකක් නෙමේ හුඟක් හිතන්න වෙනවා. බය නැතුව ෆොටෝ එක ගහන්න. එතකොට ඔයාගේ අයියට ඔයා ගැන විශ්වාසයක් ඇතිවෙයි. එයා සැක කරොත් ඔක්කොම සැලසුම් විනාස වෙන්න පුළුවන්"

"හොඳයි මිස් ආන්‍යා" සරණිට වුවමනා වූ ආකාරයට ආන්‍යා ඇඳ මත හාන්සි වී නිදාසිටින ආකාරයක් පෙන්නුම් කල අතර සරණි ඈට පසෙකින් හාන්සි වුනා. ඈ සෙමෙන් ආන්‍යාගේ බඳ වටේ තම අත යවා ඇගේ පපුව මත හිස තබා ගත්තා. ඇගේ වේගවත් හෘද ස්පන්දනය ආන්‍යාට දැනුන අතර ඈ සිතින් තිනෙතිගෙනුත් සරණිගෙනුත් සමාව අයැද සිටියා. මේ සියල්ල තිනෙතිව සොයා මුදවාගැනීම පිණිස පමණයි.

ඡායාරූපය ගැනීමට ගත වූයේ මිනිත්තුවකටත් අඩු කාලයක් වූ අතර තවමත් සරණි ආන්‍යා මතය.

"සරණි???" ඈ සරණිගේ උරහිසට සෙමෙන් තට්ටු කල අතර ඈ තවත් තදින් ආන්‍යාව තුරුල් කරගත්තා.

"සරණි..." ඈ මෘදුව පැවසුවා.

"මිස් ආන්‍යා කරුණාකරලා... අදට විතරක් මට මෙහෙම ඉන්න දෙන්න... ප්ලීස්.." ඈ අයැදුවා. දීර්ඝ සුසුමක් හෙලූ ආන්‍යා සරණිව සෙමෙන් තමන් මතින් ඉවත් කලා. ඈ ආන්‍යා දෙසවත් නොබලා කොට්ටයක් බදාගෙන ඉකිබිඳින්න පටන් ගත් අතර ආන්‍යාට තදබල ලෙස වරදකාරී හැඟීමක් දැනෙන්න වුනා.

None Of Your BusinessWhere stories live. Discover now