Chapter 04

157 36 25
                                    

ආන්‍යා පාන්දරින්ම ඇඳ පැළඳගත්තේ ඔෆිස් එකට යන්න. තමන් දිහා කවුරුමහරි බලාගෙන ඉන්නවා වගේ දැනුන හැඟීමට ඈ එකවරම හැරිලා බැලුවා.හිස් අවකාශය ඇරෙන්න කිසි දෙයක් තිබුනේ නෑ. ආන්‍යා ඔෆිස් එකට එද්දිත් ඇගේ සිත කල්පනාවෙන් බරයි.

"මිස් ආන්‍යා මේ ඉන්නේ ඔයාගේ මේකප් ආටිස්ට්" සිතූ පොඩි ගෑනු ළමයෙක්ව ආන්‍යාට අඳුන්නලා දුන්නා. ඈට තිබුනේ සිහින් දිගැටි ඇස්. ආන්‍යා ඈට සිනහවකින් සංග්‍රහ කරා.

"මිස් ආන්‍යා එන්න මේ පැත්තෙන්" ඈ ආචාරශීලීව පැවැසුවා.

ෆොටෝ ෂූට් එකට හැඩගැන්විලා ආන්‍යා සෙට් එකට එද්දි කැමරා, ලයිට්ස් සියල්ල සූදානම්. පළවෙනිම ෆොටෝ ෂූට් එක නිසා ආන්‍යාගේ හිතේ තිගැස්මක් නොතිබුණාම නෙමේ. සුදු පාට බැක්ග්‍රවුන්ඩ් එක ඉස්සරහින් ආන්‍යා හිටගත්තා. තමන්ගේ මූණට වැදිලා තියෙන තද විදුලි ආලෝකය නිසාම ආන්‍යාගේ හිතට දැනුන චකිතය තව තවත් වැඩි වුණා. වට පිටේ ඉන්න සියලු දෙනාම තමන් දිහාවම බලාගෙන ඉන්න බව ආන්‍යාට දැනුනා. දැනෙන චකිතය අඩු කරගන්න ඈ තම දෑත් මිට මොලවගත්තා.

සිතූ ආන්‍යාට මගදිගට පෙන්නපු සාම්පල් ඉරියව් මතක් කරගන්න ආන්‍යා තම දෑස් වසාගත්තා.

"මිස් ආන්‍යා ඔයාට තියෙන්නේ පොඩි රොමෑන්ටික් ෆීලින්ග් එකක් එලියට දෙන්න. ඇස් වල ආදරේ පිරිලා තියෙන බවක් පොඩි සරාගී බවක් එක්ක" සිතූගේ වචන ආන්‍යාගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නා.

කැමරා ශිල්පියාගේ විධානය ආන්‍යාට ඇහුනේ හීනෙන් වගේ. ආන්‍යා මදහසක් පෑවත් ඒක නිකන්ම නිකන් විරිත්තිල්ලක් කියලා ආන්‍යාටම හිතුනා. ආන්‍යාගේ ඇස් වල තිබුනේ සරාගී බවක්වත් ආදරයවත් නෙමේ නොසන්සුන්කම සහ චකිතය. ආන්‍යාට ඒ වෙද්දි තමන් ගැනම කේන්තියක් මෝදුවේගෙන ආවා.

"මිස් ආන්‍යා... අපිට ඕන සරාගී බවක්" කැමරා ශිල්පියාගේ හඬින් ඒ කැමරා ශිල්පිනියක් බව හඳුනා ගත්තත් ආන්‍යා ඈ දිහාවට නොබලා සිටින්න උත්සාහ කරා. ආන්‍යාට දැනුනේ තමන්ට කැමරා ශිල්පියාට මුහුණ දීගත නොහැකි බවක්. ඒ වගේම තමන් නිරුවත්ව පිරිසක් ඉදිරිපිට හිටගෙන ඉන්නවා වගේ හැඟීමක් ඈව තදින්ම වෙලාගෙන තිබුණා.

None Of Your BusinessWhere stories live. Discover now