Chapter 01🌾

3.3K 365 144
                                    

Seesaw!

Chapter 01

"අයිගෝ සම්චොන්... ඔයානම් අනේ මන්දා! අඩුම ගානෙ අපෙන් අහන්න තිබ්බනේ.. මගෙන් නැතත් ඔප්පාගෙන් වත්"

මං කොච්චර කෑගැහුවත් සම්චොන් වත් ඔප්පා වත් මාව ගනන් ගන්න පාටක්නම් තිබ්බෙ නෑ.. දැන් එතකොට මට විතරද මේ ගෙදරට බෝඩිම්කාරයෙක් ගන්න එකට විරුද්ධ!

"ඔප්පා කතා කරන්නකො අනේ..මං හනියා ව පොඩ්ඩක් මෙහෙ ගෙන්නගත්තොත් තමා ඔයාටත් අමාරු.. මොකට බෝඩිම්කාරයෙක් ගෙන්න ගන්නවද.. ඇයි සල්ලි අහේනියක් ද!"

මං ඔප්පා ලගින් ඉදගන්න ගමන් කන ලගට කරලා බෙරිහන් දුන්නත් එයා කිසි හාවක් හූවක් නැතුව ලැප් එකට එබිගනම ඉන්නවා.. මං සැකේට කන වැහෙන්න වවාගන ඉන්න කොන්ඩෙ අයින් කලා.. හරිනේ.. ඇබ ගහගන ඉන්නෙ..

"ඔප්පා......!!!!"

මං ඇබේ ගලොලා ඔප්පාගෙ කනට කරලා කෑගැහුවාම තමයි ඒ මෝඩයා මේ ලෝකෙට ආවේ!

"ආයිශ්!! මෝඩ ගහ! මගෙ කනත් අගුල් වැටුනා"

"අගුල් වැටුනා?? මං අගුල ගැලෙව්වා! දැන් ඔයාට ගානක් නැද්ද මේ සම්චොන් කරන්න යන එක ගැන?"

මං එහෙම ඇහුවාම ඔප්පා ඇහිබැමක් උස්සලා මං දිහා බැලුවේ එයා මොකද්ද කරන්නෙ අහන්න වගේ.. මේ මෝඩයා කොහොමත් ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයිනේ..

"ඔප්පා දැන් ඔයා මට කියන්න එපා ඔයා ඒකගැන දන්නෑ කියලා"

මං එහෙම කිව්වත් ඔප්පා ගෙ බැල්ම වෙනස් උනේ නෑ..

"අයිගෝ.. සම්චොන් හදන්නෙ හෙට ඉදන් මෙහෙට බෝඩිම්කාරයෙක් ගෙන්නගන්න"

මං එහෙම කිව්වාම ඔප්පාගෙ ඇස් දෙකත් උඩගියා..එයා ඒ පරක්කුවෙන් සම්චොන් දිහා බැලුවේ ඒ කිව්ව කතාව ඇත්තද අහන්න වගේ..

"අයිගෝ පුතා.. ඔයා මේ කෙල්ල කියන ඒව අහන්නෙපා.."

"ආහ්.. දැන් සම්චොන් කියන්නෙ මේ ඩාලියා බොරු කියනවා කියලද?"

 දැන් සම්චොන් කියන්නෙ මේ ඩාලියා බොරු කියනවා කියලද?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SEESAW✔️Where stories live. Discover now