Chapter 18🌾

1K 285 93
                                    


පිස්ටල් එකෙන් එලියට ආව උණ්ඩේ ඩාලියාගේ පිටට වදිනවත් එක්කම කෙල්ල ගැස්සිලා එහෙම්ම යුන්ගිගෙ ඇගට කඩාගන වැටුනා.. ටේහ්‍යුන් ජෝගම් ව බිමට පෙරලගන මූනට පාරවල් දෙක තුනක් ගහද්දිත් ඒ මිනිහා කලේ හිනාවුන එක.. යුන්ගි තප්පර ගානක් යනකල් උන දේ හිතාගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරගන බලාගන හිටියේ ඩාලියා තමන්ගේ ඇගට වාරුවෙලා ඉද්දිමයි... ඩාලියාගේ කෙදිරිලි සද්දෙන් පියවි සිහියට ආව යුන්ගි කෙල්ලව පපුවට තදකරගනම බිම ඉදගත්තා.. යුන්ගි ගෙ අත් වලට දැනුන තෙත ගතිය නිසාම කොල්ලා තමන්ගේ අත් දිහා බැලුවාම දැක්කේ ඩාලියාගේ ලේ වලින් ඒ අත් නෑවිලා තියනවා.. ඒ එක්කම වගේ වටේ හිටපු අය එතන්ට දුවගන ආවා..

"ම්..මැනික.... ඩාලියා.. ඕයි... ඩාලියා"

යුන්ගි මහ හයියෙන් කෑගහන ගමන් කෙල්ලව හෙලෙව්වෙ පිස්සෙක් වගේ.. කොහොමටවත් යුන්ගි මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන නිසා යුන්ගි හිටියේ අසිහියෙන්.. යන්තන් සිහිය තිබ්බ ඩාලියා ලාවට ඇරුන ඇස්වලින් යුන්ගි දිහා බලලා හීනි හිනාවක් එක්කම එක අතක් හිමීට උස්සලා යුන්ගි ගේ කම්මුලකින් තිබ්බා.. යුන්ගි ගේ ඇස් වලින් කදුලු කඩාගන වැටෙද්දි ඩාලියාගේ අතේ තිබ්බ ඩාලියාගේ ලේ යුන්ගි ගෙ කම්මුල් වල තැවරුනා..

"බ්..බයවෙන්නෙපා මං තමුසෙට මැරෙන්න දෙන්නෑ... මං බේරගන්නවා... ඩාලියා...බලනවා මං දිහා... මගේ මැනික බලන්න.. මං ඔයාට මැරෙන්න දෙන්නෑ.."

යුන්ගි පිස්සුවෙන් වගේ කියවන ගමන් ඩාලියාගෙ ඇස් පියවෙන්න නොදී තියාගන්න උත්සහ කලේ හිතේ බය නිසාමයි.. ඩාලියා ගේ මූනේ තිබ්බ පුංචි හිනාව එක්කම යුන්ගි ගේ මූනෙ තිබ්බ අත බිමට කඩාගන වැටුනේ ඒ ඇස් ඉබේම පියවෙද්දි ..

"යා... ඇස් අරිනවා... බලනවා මං දිහා.. තමුසෙට ඇහෙන්නැද්ද... ඇස් ඇරපං!! මාව පිස්සෙක් කරන්නෙපා ඩාලියා... මැනික චෙබල්!! ආආආඅයිශ්!! තමුසෙ ඔය රගපෑව ඇති.. මෙහෙම වෙන්න බෑ.. ඇස් අරිනවා ඩාලියා... මගේ පැටියෝ!! අනේ මං දිහා බලන්න! ඩාලියා අනේ මෙහෙම කරන්නෙපා!! දෙයියන්ගේ නාමෙන් ඇස් ඇරලා මං දිහා බලනවා ඩාලියා...!!"

ඩාලියාගෙ ඇස් පියවෙනව දැකපු යුන්ගිගේ හිතේ ඇතිවුන බය නිසාම යුන්ගි පිස්සෙක් වගේ කෑගැහුවා..

SEESAW✔️Where stories live. Discover now