Chapter 11🌾🔞🔞

1.6K 339 289
                                    

ටේහ්‍යුන් ඔප්පා!!"

ජන්ග්කුක් එක්කම කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට ආවේ ටේහ්‍යුන් ඔප්පා.. මට දැනුනෙ කියාගන්න බැරි සතුටක් එක්කම ලොකු පුදුමයක්.. සම්චොන් නිසා ජන්ග්කුක් ට වගේම සුගා ටත් වෙලා තියන දේවල් නිසා මං හිටියේ හුගක් අසරණ වෙලා.. හිතේ තිබ්බ හැගීම් පිටකරගනන මට විදියක් තිබ්බෙ නෑ.. ටේහ්‍යුන් ඔප්පාව දැක්කාම මට හිතුනෙ මට ආරක්ශාවක් ලැබුනා කියල.. ටේහ්‍යුන් ඔප්පා මෙහෙට ආවෙ ඇයි මේ හැමදේම එයත් දන්නවද කියන ප්‍රශ්නෙ මගේ ඔලුවට ආවත් ඒක ගැන වැඩිය හිතන්නැතුව මං දුවලා ගිහින් ඔප්පාව බදාගත්තා..

"ඩාලියා..."

"ඔප්පා...අනේ... සම්චොන් ...එයා... එයා මෙන්න මෙයා ආදරේ කරපු කෙල්ලව මරලා"

මං සුගා ගෙ පැත්තට අත දික් කරල එහෙම කතාවක් කිව්වෙ ඇයි කියන්න මං දන්නෑ..මගේ හිතේ තිබ්බ දුක එක එක හේතු නිසා වැඩිවෙලයි තිබ්බේ..එක මගේ ප්පත් රූහා නිසා විදවනව ඇති කියල හිතුන එක, අනික සුගා තාමත් රූහාට පනටත් වඩා ආදරේ කරන එක.. තුන ජන්ග්කුක් වගේ කොල්ලෙක් මුලු ජීවිත කාලෙම තනිවුන එක.. මං කිව්ව දෙවනි හේතුව නිසාමද මන්දා මං සුගා ව පෙන්නලා ඒවගේ දෙයක් කිව්වෙ..

මං ටේහ්‍යුන් ඔප්පාව බදාගන අඩනකොට එයා මගෙ ඔලුව අතගෑවා..

"ඩාලියා.. ක්වෙන්චනා .. උල්ජිමා "

ඔප්පා මගේ ඔලුව අතගාලා මාව එයාගෙ පපුවෙන් එහාට කරල මගේ උරහිස් වලට අත් තියාගනම මගේ මූනට එබුනා..

"අපි හැමදේම විසඳමු අරස්සෝ?"

ටේහ්‍යුන් ඔප්පා එහෙම කියලා මගේ කම්මුල් වල තිබ්බ කදුලු පිහිදුවා... මාත් මගේ බරවුන නහය උඩට ඇදලා ඔලුව වැනුවෙ ටේහ්‍යුන් ඔප්පා ආව එකම මට ලොකු සහනයක් උන නිසා..

එකපාරටම මගේ කොන්ඩෙන් ඇදිලා මාව පිටිපස්සට විසික් උනා.. ඒක හරියට වැලේ වනපු රෙදි කෑල්ලක් හුලඟට පාවෙලා ගියා වගේ..
සුගා!

එයා මාව ඇදලා අරන් එහාට විසික් කරලා ටේහ්‍යුන් ඔප්පා ගාවට ගියා..

"කොහොමද මිස්ටර් කිම්"

"මං හොදින් සුගා.. ජන්ග්කුක් මට හැම විස්තරයක් ම වගේ කිව්වා.. ගිය මාසෙ ඩ්‍රග්ස් සිද්දිය අපිට අල්ලගන්න පුලුවන් උනේ සුගා නිසා කියල මට දැනගන්න ලැබුනා"

SEESAW✔️Where stories live. Discover now