Final Chapter pt.01🌾

1K 282 86
                                    


"අනේ ඔප්පා.. මේ ගවුමත් හිරයිනේ අනේ..."

ඩාලියා හෝසොක් ගෙනාව හතරවෙනි ගවුමත් ඇදලා මූනත් වෙරි කරගන කෑගහද්දි හෝසොක් හනී දෙන්නාට හිනානොවී ඉන්න බැරිවුනා..

"මොකද්ද අනේ.. ටිකක් ලොකු ගවුමක් ගේන්නෙපෑ.. මං එන්නෑ පාර්ටියට!"

ඩාලියා එහෙම කියල අත්දෙකත් බැදගන අහක බලාගන ඉද්දි හෝසොක් ඇවිත් ඩාලියා ලගින් දනගහගත්තා..

"බර්ත්ඩේ ගර්ල් පාටියට එන්නැතුව කොහොමද!"

හෝසොක් එහෙම කියල ඩාලියාගේ පිම්බිලා බෝල උන කම්මුල් දෙක මිරිකුවාම කෙල්ල ලස්සනට හිනාවුනා..

"හෝසොක් ඔප්පා දන්නවයෑ ඇදුම් තෝරන්න.. මං එකක් ඕර්ඩර් කලා.. ඒක එයි තව ටිකකින්.. අපි ඒක අදිමු"

හනී එහෙම කියල ඩාලියාගේ ඔලුව අතගෑවේ හෝසොක් ට ඇද කරන ගමන්.. හෝසොක් ආපිටට හනී ට ඇද කරල ඩාලියාගෙ නහයට තට්ටුවක් දාන ගමන් පහලට ගියා..

"යා ජිමිනා!!!!"

පහල දොර ගාව හිටපු ජිමින් ව දැකලා හෝසොක් කෑගහගනම ගිහින් බදාගත්තේ ජිමින් ව මේ දකින්නේ සෑහෙන්න කාලෙකට පස්සෙ නිසා.. කොල්ලා ප්‍රැක්ටිස් එක්ක හුගක් බිසී උන නිසා යාලුවෝ එක්ක කාලේ ගතකරන්න බැරිවුනත් අද ඩාලියාගේ උපන්දිනේ නිසාම ජිමින් කොහොමහරි නිවාඩුවක් ගත්තා..

"යා හ්‍යුන්... තවත් හැන්ඩ්සම් වෙලානේ!"

පෙරලා හෝසොක් ව බදාගන්න ගමන් ජිමින් එහෙම කියද්දි හෝසොක් ජිමින් ගෙන් ඈත් වෙලා කොල්ලගෙ පිටට පාරක් ගැහුවා..

"ඔව් ඔව්.. හැන්ඩ්සම් කවුද කියල බලාගන්න තිබ්බා මාස්ක් එකයි කැප් එකයි නැතුව ඔය මහත්තයා පොඩ්ඩක් එලියට බැස්සනම්"

හෝසොක් එහෙම කියද්දි ජිමින් කලේ ඇස් දෙකත් චූටි කරල හිනාවෙන ගමන් කැප් එක ගලෝලා කොන්ඩෙ පස්සට කරපු එක..

"ආහ්.. ප්‍රින්ස් එරික් ඇවිත් ඉන්නෙ මේ!"
(යේ.. මේ කතාවටත් මං මේ උපමාව කොහොමහරි දැම්මා!!😁)

මින්සොක් දෙන්නම පිටිපස්ස හැරුනේ ඩාලියාගේ කටහඩට.. ඩාලියා කොල්ල දිහා හිනාවෙකා බලන් ඉද්දි ජිමින් හනී ටත් ඇහැක් ගහල ඩාලියා ලගට ගිහින් දනගහගත්තා ..

SEESAW✔️Where stories live. Discover now