Final Chapter pt.02 🌾

1.2K 291 104
                                    

Past..

"මිස්ටර් හෝසොක්.. මිස් ඩාලියා ගැන මට ටිකක් කතා කරන්න ඕන.."

ඩොක්ටර් හෝසොක් එක්ක රූම් එකට ගිහින් හෝසොක් දිහා ටිකක් බැරෑරුම් බැල්මක් දාන ගමන් එහෙම කියද්දි හෝසොක් ලොකු චකිතෙකින් ඩොක්ටර් දිහා බැලුවේ ඩාලියා ගැන හිතේ
ඇතිවුන බය එක්කමයි..

"කියන්න ඩොක්ටර්.. මගේ නංගිට මොකද ?"

"මේකයි මිස්ටර් හෝසොක්.. බුලට් එකෙන් මිස් ඩාලියාගේ සුෂුම්නාවට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනව.. එයාගේ සැත්කමින් අපිට බුලට් එක අයින් කරන්න පුලුවන් උනත් සුෂුම්නාවට උන ඩැමේජ් එක නිසා මිස් ඩාලියාගෙ ඉනෙන් පහල අක්‍රීය වෙලා තියෙන්නෙ"

"ඒ කියන්නෙ ඩොක්ටර්......"

'ඔව් මිස්ටර් හෝසොක්.. මිස් ඩාලියාට මීට පස්සෙ ඇවිදින්න බැරිවෙයි"

ඩොක්ටර් කිව්ව අන්තිම වචන ටික ඇහුනාම හෝසොක් එහෙම්මම එතන තිබ්බ පුටුවටක වැටුනා.. ඩොක්ටර් කොල්ලගේ පිටට තට්ටු කරල වතුර වීදුරුවක් ලං කලත් හෝසොක් හිටියේ හොද සිහියෙන් නෙවෙයි... ඇස් වලින් එක දිගට කදුලු කඩාගන වැටෙද්දි හෝසොක් අත මිටමොලවල හයියෙන් මේසෙට ගැහුවෙ ජෝගම් එක්ක ආව කේන්තියට වගේම ඩාලියා ගැන දැනුන දුකට..

"ඩ්..ඩොක්ටර්.. ම්..මේ ගැන මගේ නංගිට දැන්ම මුකුත් නොකියා ඉන්නවද?"

"සමාවෙන්න මිස්ටර් හෝසොක්.. මිස් ඩාලියා සිහිය ආව ගමන්ම හුගක් කලබල කලා එයාගේ කකුල් එයාට ෆීල් වෙන්නෑ කියල.. ඉතින් අපිට එයාට සිටුවේශන් එක පැහැදිලි කරන්න උනා.."

"අපිට මේක හොදකරගන්නම බැරිද ඩොක්ටර්?"

"පුලුවන් මිස්ටර් හෝසොක්.. ඒත් ඒකට කොයිතරම් කාලයක් යයිද කියන්න බෑ.. හරියට ට්‍රීට්මන්ට් කරලා කාලයට ඉඩ දීලා ඉමු.."

ඩොක්ටර් එහෙම කිව්වාම හෝසොක් මුකුත්ම නොකියා රූම් එකෙන් එලියට ගිහින් එලියෙ තිබ්බ පුටුවකින් ඉදගත්තෙ ඩාලියාට මූණ දෙන්න තරම් ශක්තියක් කොල්ලට නොතිබ්බ නිසා.. තමන්ගේ එකම නංගි අබ්බගාතයෙක් වෙන්න තමනුත් හේතුවක් කියල හෝසොක්ට හිතුනේ ජෝගම් ගැන මීට කලින් හොයල නොබලපු නිසා.. හෝසොක් ඔලුව අත්දෙකෙන් ම බදාගන සෑහෙන්න වෙලා කල්පනා කලේ උන දේ විශ්වාස කරන්න හිත ඉඩ නොදුන්න නිසා..
____________________________

SEESAW✔️Where stories live. Discover now