Chapter 08🌾

1.1K 308 88
                                    

හනී!!!!!"

දොර අරිනකොටම මං දැක්කෙ හනී ව.. නිකන් නෙවෙයි නම්ජූන් ගෙ බෙල්ලෙ එල්ලිලා කොන්ඩෙත් ඇදගන එක යුද්දයයි එතන! නම්ජූන් එහෙට මෙහෙට වැනි වැනි කෑගහනව හනී ව බිමට දාගන්න බැරුව!

"අද තමුසෙව මරණවා මම.. සත්තයි මරන එක මරනවා!!"

"යක්ශනී!! අතාරිනවා මගේ බෙල්ල.. උබව මට අහුවුනොත් නම්.. ආආආආආආආ කොන්ඩේ.. අ..අහ් කොන්ඩේ අතෑරපන් මගේ"

හනී පුලුවන් උපරිම ශක්තිය දාලා නම්ජූන් ගෙ කොන්ඩෙන් ඇදගන කෑගහනවා.. විනාඩියක් දෙකක් යනකල් මට හිතාගන්න බැරිවුනා මොකද්ද වෙන්නෙ මං මොකද්ද කරන්න ඕන කියල.. මට විතරක් නෙවෙයි සුගා ටත් හිතාගන්න බැරුවද මන්දා මගේ එහාපැත්තට වෙලා හිටගන ඉන්නව..

"යා.. හනී ඔය මනුස්සයාව අතාරිනව!"

මං දුවලා ගිහින් හනී ව ඇදලා ගන්න හැදුවේ තව ටිකක් හිටියොත් නම්ජූන් ට කොන්ඩයක් තිබ්බා කියල මතක සටහනක් වත් හොයාගන්න බැරිවෙයි කියල හිතුන නිසා..

"හ්..හ්‍යුන්.. අනේ මේකිව අයින් කරන්නකො.. ආයිශ්.."

මං ඇද්දත් හනීව නම්ජූන් ගෙන් ගලෝගන්න බැරිවුන නිසා මාත් සුගා දිහා බැලුවා.. එයා කිසි හැගීමක් නැති මූණකින් අපි දිහා බලාගන ඉදල එකපාරටම හනී ගෙ කොන්ඩෙන් ඇදලා ගත්තා.. රිදුන පාරට හනී කෑගහගනම නම්ජූන් ගෙ බෙල්ල අතඇරියා..

නම්ජූන් ඒ ක්ශනිකයෙන් ඔලුව බදාගත්තා.. මොනා නැතත් එයාට හොදටම රිදිලා කියලනම් මූන බලපුවාම කියන්න පුලුවන්.. මූන හොදටම රතු වෙලා..

"හනී.. මොකද මේ කරන්නෙ පිස්සු හැදිලද?"

මාත් හිටියෙ හුගක් කේන්ති ගිහින්.. මං මෙහෙ මෙයාව තනියම දාලා ගිහින් එහෙ පිච්චි පිච්චි ඉන්නව. එයා පරිස්සම් වෙනව වෙනුවට මේ යක්කු එක්ක රන්ඩු පටලගන්නවා..

මං හනී ගෙ උරහිසෙන් අල්ලලා සැර කලාම හනී මං දිහා ටික වෙලාවක් බලාගන ඉදලා අඩන්න ගත්තා.. ඒ වෙලාවෙනම් මගේ පපුව සීතල වෙලා ගියා.  මේ දිගංචියා මගේ හනියා ට මොකක් හරි කරදරයක් වත් කරලද!!

"හනී.. හනියෝ.. ඇයි මේ.. මොකද උනේ... ම් මෙයා ඔයාට කරදර කලාද?? ආ කියන්නකෝ.. හනී"

SEESAW✔️Where stories live. Discover now