Chapter 07🌾

1K 288 116
                                    


Seesaw🌾
Chapter 07

මුලු රැයක් එලිවෙනකල්ම මට නින්ද ගියේ නෑ.. නින්දක් තියා ඒ ගැන හිතන්නවත් බැරිවුනා.. ඇස් පියාගත්තත් මගෙ ඔලුවට ආවේ හනී ව... අතේ ෆෝන් එකක් වත් නෑ.. හනී කෑවද බිව්වද මොනා කරනවද කිසිම දෙයක් හොයාගන්න බැරුව මං හුගක් අසරන වෙලා හිටියේ.. මං කලේ කාටවත්ම නෑහෙන ගානට අඩපු එක.. එලිවෙන්න කිට්ටු කරල ඔප්පායි සම්චොනුයි දෙන්නාම ගෙදර ආවා මට ඇහුනත් මං කලේ නිදි වගේ හිටපු එක..
.
.
.
.
.
උදේ මට අමුතුවෙන් නැගිටින්න දෙයක් තිබ්බෙ නෑ.. මොකද මං එලිවෙනකල්ම ඇහැරගන කලේ මේ මර උගුලෙන් ගැලවෙන්න ක්‍රමයක් වගේම සුගා මෙහෙම කරන්නෙ ඇයි කියල කල්පනා කරපු එක.. මොකද්දෝ අහේතුවකට මගේ හිතේ එදා ඒ ඇස් හීනි දැකපු වෙලේ ඇතිවුන හැගීම ඊයේ අරතරම් දෙයක් වෙලත් අල්පමාත්‍රයක් වත් අඩුවෙලා තිබ්බෙ නෑ.. ඒ හීනි ඇස් වල ඒ නපුරු හැසිරීමෙ හැංගුන මොකක්ම හරිදෙයක් ඇති කියලයි මට හිතුනේ..

ඉක්මනට ගෙදරින් එලියට යාගන්න තිබ්බ හදිස්සියට වොශ්රූම් එකට රිංගුව ගමන් මූන හෝදගත්තත් මූනෙන් ආව දැවිල්ලට මට කෑගැස්සුනා.. එතකොටයි මට මතක් උනේ සුගා ඊයේ පිහියකින් මගේ නිකට තුවාල කලා කියලා.. ඒක හුගක් ගැබුරට කැපිලා තිබ්බා.. මගේ ඇස් වලට කදුලු ආවෙ තුවාලේ වේදනාවට නෙවෙයි හිතේ වේදනාවට.. මගේ හිතේ එයා ගැන තියන හැගීම් වලින් දශමයක් වත් එයාගෙ හිතේ නෑ.. මං වොශ් කරගන ප්ලාස්ටර් කෑල්ලක් අලෝගන පහලට ගියේ සුගා ගිහින් තියෙන්න කියල හිතෙන් හිතන ගමන්..

"ආහ්.. ඩාලියා.. එන්න පුතා කෑම කන්න... අද ඔයාලගෙ ප්‍රොෆෙසර් ත් ඇවිත් අපි එක්ක උදේ කෑමට"

මං පහලට බහිනකොට කට්ටියම සුපුරුදු පරිදි කෑම මේසෙ වාඩිවෙලා හිටියා.. මොන දේ උනත් සුගා දිහා නොබල ඉන්න මං පරිස්සම් උනේ මට ඇඩෙයි කියල බය හිතුන නිසා.. කන්න පිරියක් නොතිබ්බත් අනිත් අයට පේන්න විහිලුවක් වෙන්න ඕන නැති නිසා මං කටවල් දෙකක් තුනක් කෑවා..

"ඩාලියා.. දැන් හනීට කොහොමද ?"

"ඩාලියා..."

"ඩාලියා!!!!!"

ඔප්පාගෙ කටහඩේ සද්දෙට මගේ අතේ තිබ්බ ගෑරැපුවත් බිමට වැටුනා.. මං ඇස් දෙකත් ලොකු කරල ඔප්පා දිහා බැලුවේ මොකද උනේ කියල හිතාගන්න බැරිනිසා..

SEESAW✔️Where stories live. Discover now