Chapter 17🌾

1K 275 52
                                    


පැය කීපයක ප්‍රතිකාර වලින් පස්සෙ හෝසොක් ව ගෙදර ගෙනාවත් කොල්ලා කා එක්කවත් කිසිම කතාබහක් නැතුව ඔහේ ඇදට වෙලා හිටියා.. හෝසොක් ට කාටවත් මූනදෙන්න තරම් ශක්තියක් තිබුනේ නෑ.. හැමදේම හිතේ හිරකරගන මේතරම් කාලයක් ඉදලා ඉවසන්නම බැරිතැන මේවගේ දෙයක් කරගත්තා උනත් හෝසොක් ට ඩාලියා ගේ මූන බලන්න තරම් හයියක් තිබුනේ නෑ.. කොල්ලා පසුතැවුනා තමන් කරගත්ත දේ ගැන.. මොන දේ උනත් හෝසොක් නැතිවුනොත් ඩාලියා මේ ලෝකෙ තනිවෙනවා නේද කියන දේ හෝසොක් ට ඒ වෙලේවේ අමතක උන එක ගැන හෝසොක් පසුතැවුනා..

ඩාලියාත් නිකමටවත් හෝසොක් ගේ කාමරේට ගියේ නෑ.. කෙල්ල එයාගේ කාමරේට වෙලා ඔහේ බලාගත්ත අත බලාගන හිටියා. හෝසොක් කරගත්ත දේ නිසා හිතේ ඇතිවුන බය පසුතැවීමත් එක්කම හෝසොක් කරගත්ත දේ ගැන ඩාලියාගෙ හිතේ පොඩි කේන්තියකුත් තිබ්බා... ඒ නිසාම කෙල්ල හෝසොක් එක්ක කතා නොකර ඉන්න ඩාලියා තීරනේ කලා..

"හ්‍යුන්.. ඔයාට කොහොමද දැන්"

ඇදට වෙලා ඔහේ ඉන්න හෝස්ක් ගේ ඇස් වලින් බේරිලා කොට්ටෙ තෙමාගන ගිය කදුලු පාර ටේහ්‍යුන් දැක්කත් කොල්ලා මුකුත් නොදැක්ක ගානට ඇද අයිනෙන් වාඩිවෙලා හෝසොක් ගෙ ඔලුව අතගෑවා.. හෝසොක් ආයාසයකින් හිනාවෙලා ඇද මිට්ටමට පිට දීලා වාඩිවුනා..

"ප්‍රශ්නයක් නෑ ටේ.. ඩ්..ඩාලියා හොදින්ද?"

"කෙල්ල ආව වෙලේ ඉදන් කාමරේමයි.. ජිමිනා ගියා කෙල්ලව බලන්න.. හ්‍යුන් ඒ ගැන හිතන්නෙපා අපි හැමෝම ඉන්නවනේ.. දැන් මේ බෙහෙත් ටික බොන්න"

ටේහ්‍යුන් එහෙම කිව්වත් හෝසොක් ගේ හිතේ තිබ්බ වරදකාරි හැගීම අයින් වුනේ නෑ... කොහොම නමුත් කවුරුත් සිද්දවුන දේ ගැන වචනයක් වත් කතා නොකල එක හෝසොක් ට ලොකු අස්වැසිල්ලක් උනා...
.
.
.
.
.

"ඩාලියෝ...."

ජිමින් ඩාලියාගේ කාමරේට ඔලුව දාන ගමන් ඩාලියාගෙ නම කියල කෑගහද්දි හිස් බැල්මකින් ජනේලෙන් එලියේ අහස දිහා බලාගන හිටිය කෙල්ල ගැස්සුනා..

"අහ් ජිමින්.. එන්න"

ඇස් වල බොදවුනු කදුලු එහෙම්මම යටයන දීලා කෙල්ලත් කලේ ආයාසයකින් හුනාවුන එක..

SEESAW✔️Where stories live. Discover now