Chapter 04🌾

1.1K 309 111
                                    


Seesaw🌾
Chapter 04

"හනී මෙහෙ එනවා!"

සුදු යකා ගේ ඇතුල්ට ඇවිත් එයාගෙ කාමරේට යනකල් ඉදලා මං හනීවත් ඇදගන මගේ කාමරේට ගියා..

"මේක හොදට අහගන්නවා හනි!! ආයේ බූටක් බූටක් කියලා මොකක් හරි ගොන් කතාවක් කිව්වොත් අම්මප මං චොපා ව උසිගන්නලා උබේ පස්සෙන් එවනවා!"

කාමරේට ඇදගන ගිහින් අත තදකරලා මිරිකගෙනම මං එහෙම කිව්වාම හනී ගේ මූන අට උනා.. එයා දඩබඩ ගාලා කාමරේ නිදාගන ඉන්න චොපා දිහා බලලා මං දිහා බැලුවෙ මේකි ඇත්තටම එහෙම කරයිද වගේ බැල්මකින්..

"හ්..හරි හරි ඔච්චර කෑගහන්න ඕනියෑ.. නම පොඩ්ඩක් පැටලුනා.. එයාට වඩා අමාරු මෙයාටනේ!"

හනී අන්තිම ටික කිව්වෙ කුටු කුටු ගගා මූනත් දෙක කරගන.. මට හිනායන්න ආවත් මං තදකරගන හිටියේ බුරුල පෙන්නුවොත් මෙයා දිගටම බූටක් බූටක් ගාන්න ගන්න බව දන්න නිසා..

"දැන් ඔයා සුදු යකා කිව්වම හොදයි.. මං බූටක් කිව්වම තමා අවුල!"

"ඒ මමනේ! උබ මොකටද අනම් මනම් නම් කියන්නෙ?"

ඒක මං කිව්වා නෙවේ මගේ කටෙන් පැන්නා.. හනී මගේ උඩ ඉදන් යටටම බැලුවා නිකන් අලුවෙලා යන්න.. මං තව මුකුත් නොකියා වොශ් රූම් එකට පැනගත්තේ තව හිටියොත් මොන මොනා කියවෙයිද කියලා බය හිතුන නිසා..

ඇගට සීතල වතුර වැටෙද්දි දැනෙන්නෙ පුදුමාකාර සනීපයක්.. මං ඒ සනීපෙ විදගනම ඇස් පියාගත්තත් මට එකපාරටම පෙනුනෙ සුදු යකා ගෙ මූන.. එයා කාර් එකේදි මං දිහා බැලුව බැල්ම.. ඒක මතක් වෙද්දි බඩ හරියෙන් සීතල වෙලා යනවා.. මොකද මේ මට වෙලා තියෙන්නෙ.. එයා යකෙක් වගේ සැරයි.. ලොකුකම ඉහටත් උඩින්.. මූනෙ හිනාවක් නෑ.. ඒත් ඒ හැමදේම ඇතුලෙ මාව එයාට ඇදගන්න පුලුවන් මොකද්දෝ එකක් තියනවා..

ඒ එයා ලස්සන නිසාද?

මං මගෙන්ම ප්‍රශ්න කලා..

නෑ.. පෙනුමටත් එහා ගිය මොකද්දෝ අමුතු හැගීමක් මට එයාව දැක්කාම දැනෙනවා.. මං ආසයි ඒ හැගීමට.. ඒක අමුතු උනත් හරි ලස්සනයි ..

"ඩාලියෝ... එනවකෝ මට බඩගිනී!!"

ලස්සන මනෝ ලෝකෙක හිටපු මං පෙරේත තට්ටුව කඩන් වැටුන මලපෙරේතයා වගේ මේ ලෝකෙට ආවේ හනී ගෙ සීදේවි කටහඩෙන්.. හිතෙන් බැන බැනම මං ටක්ගාලා නාගන එලියට ආවේ හනී බඩගිනි වැඩිවුනාම සොම්බියෙක් වගේ හැසිරෙන්න ගන්න නිසා..
.
.
.
.
අපි දෙන්නා පහලට යනකොටත් දවල් කෑමට සම්චොනුයි ඔප්පායි ඇවිත් හිටියා.. අද ඔප්පාත් ගෙදර නිසා මට හනී ගැන බයවෙන්නෙ දෙයක් තිබ්බෙ නෑ.. මොකද හනීයි ඔප්පා යි කියන්නෙ නයාට අඳුකොල වගේ.. ඒ දෙන්නට දෙන්නා නෝන්ඩි කරගන්නවා මිසක් දෙන්නා ඉන්න තැන එයාලාම නෝන්ඩි වෙන වැඩ කරන්නෑ..

SEESAW✔️Where stories live. Discover now