Chapter 16🌾

1.1K 296 41
                                    


ඩාලියා හිටියෙ පුරුදු විදියට කම්පැනි එකේ සොන් වූ එක්ක කතා කර කර.. මිස්ටර් ලී ව අල්ලගන්න හුගක් දේවල් සොන්වූ ගේ උදව්වෙන් ඩාලියා හොයාගත්තා.. ටේහ්‍යුන් ට කම්පැනි එකට ඇවිත් වැටලීමක් කරන්න ඕන උනත් ඩාලියා කිව්ව නිසා ඒක කල් දැම්මා.. ඩාලියාගේ ප්ලෑන් එක උනේ රූහා ගේ මරණෙ ගැනත් මිස්ටර් ලී ට විරුද්ධ ව පොඩිම හරි සාක්ශියක් හොයාගන එකපාරම මිනිහව කොටු කරගන්න

"ඩාලියා මිස්.. මං හිතන්නෙ අපේ මැනේජර් ට මං ගැන සැක හිතිලා"

"ඇයි සොන් වූ එහෙම කියන්නෙ?"

"නෑ මේ දවස් ටිකේම මිනිහා මගේ පස්සෙන්මයි.. මං ගැන හොදට ඇහැ ගහගන ඉන්නෙ කියල මට තේරුනා"

"හ්ම්ම්ම්... අපි බලමුකො.. ඔයා සැක හිතෙන දේවල් කරන්න එපා.. වෙනදා වගේම ඉන්න.. මේ ලැබිලා තියන තොරතුරු අපිට දැනට ඇති.. ඒක නෙවෙයි මං කියන්න හිටියේ දෙයක්"

"මොකද්ද මිස්?"

"මට ඔය මිස් මිස් ගාන එක නවත්තලා ඩාලියා කියන්න"

"ඒත්... මං කොහොමද ....."

"ඒත් මේත් නෑ.. . මං කිව්ව දේ කරන්න ඕන... දන්නවනේ මං මේ කම්පැනි එකේ බොස් ගෙ නංගි!"

"අහ්.. දේ මිස් ඩා.... අනී.. ඩාලියා"

ඩාලියා සොන් වූ එක්ක කතා කර කරම ඩාලියා ට දීලා තිබ්බ කැබින් එක පැත්තට යන ගමන් හිටියේ.. ඒත් එකපරටම ඇහුන ලොකු සද්දයක් නිසා දෙන්නම ගල් වෙලා වගේ නතර උනා.. ඒ සද්දේ ආවේ හෝසොක් ගේ කාමරේ පැත්තෙන් නිසා දෙන්නට දෙන්නා තප්පරයක් විතර මූනට මූන බලාගන ඉදලා අනිත් තප්පරේම හෝසොක් ගේ කැබින් එක පැත්තට දුවගන ගියා..

"ඔප්පා.......!!!"

ඩාලියා හෝසොක් ගෙ කැබින් එකේ දොර ඇරගන යනවත් එක්කම දැක්කේ බිම වැටිලා සිහිය නැතිව ඉන්න හෝසොක් ව.. කැබින් එක පුරාම ෆයිල් විසිරිලා.. ටේබල් වාස් එක බිදිලා වීදුරු කටු හැමතැනම.. ඩාලියා කෑගහගන හෝසොක් ලගින් දනගහගත්තා.. එතකොටයි කෙල්ල දැක්කෙ බිම තිබ්බ ලේ පාර

"ඔප්පා...අන්ද්වේ... ඔප්පා කතා කරන්නකෝ චෙබල්!"

හෝසොක් ගේ අතේ මැනික් කටුව ලගින් කැපුමක් ගිහින් එතනින් ලේ ගලාගන යන ගමන් තිබ්බේ.. සොන් වූ එයාගේ ටයි එක ගලෝලා අත තදින් ගැටගැහුවේ ලේ යන එක නවත්තන්න.

SEESAW✔️Where stories live. Discover now