Chapter 20🌾

984 280 63
                                    

Aftet few days

"මොකෝ කරන්නෙ කෙල්ල"

මූයොන් ඩාලියාගෙ කාමරේට එන ගමන් එහෙම අහද්දි ජනේලෙන් අහස දිහා බලාගන හිටපු ඩාලියා මූයෝන් ගේ පැත්ත් හැරුනා..

"මුකුත් නෑ ඔන්නි... නිකන් අහස දිහා බලාගන හිටියා...!"

"පාලුද?"

මූයොන් ඩාලියා ගේ ඔලුව අතගාන ගමන් එහෙම අහද්දි කෙල්ල කලේ හිනාවුන එක.. ඒක හිස් හිනාවක්.. ඇතුලෙ සතුටක් වත් හංගපු දුකක්වත් නැති හිස් හිනාවක්..

"ඔයා ඔයාවම රිද්දගන්නවා ඩාලි... යුන්ගි ට මේ මුකුත් නොකියම එයාව යැව්වෙ ඇයි?"

"අනී.... මේ දේවල් එයා දැනගන්න ඕන නෑ.. මං කැමති නෑ ඔන්නි එයාට තවත් දුක් දෙන්න.. සම්චොන්.. එයා මොනා උනත් මගේ කෙනෙක්.. මගේ අය නිසා යුන්ගි ජන්ග්කුකා ඒ හැමෝම විදෙව්වා ඇති"

ඩාලියා එහෙම කිව්වේ ඉකියක් හිරකරගන.. ඩාලියා කිව්ව දේට පෙරලා කියන්න දෙයක් මූයොන්ට නොතිබ්බ නිසා කෙල්ල කලේ බර හුස්මක් අරගන ඩාලියාගේ ඔලුව අතගාපු එක..

"ඩාලී.... කෑම වෙලාව....!!"

ඒ එක්කම කාමරේට ආවේ හනී.. යුන්ගි කැනඩා ගියාට පස්සෙ ටේහ්‍යුන් මූයෝන් දෙන්නා වැඩ නැති හැමවෙලාවකම වගේ ඩාලියාවයි හෝසොක් වයි බලන්න එන්න පුරුදු වුනා.. ජිමින් ට ප්‍රැක්ටිස් එක්ක නිතරම එන්න බැරිවුනත් කොල්ලා පුලුවන් හැමවෙලේම ආවා.. හනීව ඩාලියා එයාගෙ ගෙදර නතර කරගත්තේ තමන් නිසා හනී ගේ ආදරෙත් අහිමි උනා නේද කියල හිතේ ඇතිවුන කලකිරීමත් එක්කමයි.. ඒත් හනී ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ.. නම්ජූන් ට හනී හුගක් ආදරේ කලත් ඒ හිතේ ඩාලියා ගැන තිබ්බ ආදරේ ඊටවඩා වැඩි..

හනී ගේ කටහඩට මූයොන් ඩාලියා දෙන්නම හැරිලා බැලුවා.. කෙල්ල කෑම ප්ලේට් ගොඩක් ට්‍රේ එකක දාගන හිනාවෙවී ඉස්සරහට ආවා..

"අනී... මට බඩගිනි නෑ හනියෝ.."

"අනේ මේ.. ඊයේ රෑට මුකුත් කාලත් නෑ උදේට කෑවෙත් නෑ.. දැන් හොදටම හවස් වෙලා.. මේක කනව දවල්ට කියල හිතාගන"

හනී තරවටු ස්වරයකින් එහෙම කියල ට්‍රේ එකත් අරගන හනී වත් ලගට අරගන ඇදෙන් ඉදගත්තා..

SEESAW✔️Where stories live. Discover now