Chapter 17-2🌾

1K 285 103
                                    


"ආහ්!!"

ඇගට දැනුන ලොකු වේදනාව නිසාම ඩාලියා ඇස් අරිනකොට කෙල්ලට කෙදිරි ගෑවුනා.. වටපිටාව තරමක් අදුරු තැනක ඩාලියාව ගැටගහලයි තිබුනේ.. කෙල්ල ටික ටික පියවි සිහියට එද්දි හතරවටේම බැලුවේ ඉන්න තැනක් හරි කෙනෙක් හරි අදුනගන්න.. ඒත් කවුරුත්ම හිටියේ නෑ.. ඩාලියාව හිරකරල තිබ්බේ ගබඩාවක වගේම කෙල්ල හිටියේ පුටුවක ගැටගහලා..

"යා... මාව ලෙහනවා.. ක්..කවුද උබලා!"

ඩාලියා අමාරු පැත්තක තියලා කෑගැහුවත් කාගෙන්වත් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නෑ.. කෙල්ල අත අබරවලා ගැටගහලා තිබ්බ ලනුවෙ ගලවගන්න හැදුවත් ඒකෙන් උනේ කෙල්ලගෙ අත තුවාල උන එක විතරයි..

"අහ්.. මෙන්න මෙන්න.. අපේ මිස් ඩාලියා නැගිටලානේ"

ලනුව ලෙහාගන්න දගල දගල හිටපු ඩාලියා එකපාරටම ගැස්සුනෙ දොරක් ඇරගන ඇතුලට ආවා ඉයුන් හා ගෙ කටහඩින්..

ඉයුන් හා අමුතු තාලෙකට ඇවිදගන කෙල්ල ගාවට ඇවිදගන ඇවිත් අතේ තිබ්බ පිස්ටල් එක ඩාලියාගේ නිකටෙන් තියලා මූන උඩට ඉස්සුවා.. ඩාලියා හිටියේ පුපුරු ගහන ඇස් වලින් ඉයුන් හා දිහා බලාගන..

"එතකොට උබද සම්චොන් ගේ හවුල්කාරයා.. මේ ජරා වැඩවල"

ඩාලියා අප්‍රසන්න ස්වරයකින් එහෙම අහනකොට ඉයුන් හා කලේ කෙල්ලගෙන් ඈත් වෙලා සුපුරුදු සමච්චල් හිනාව දාගන ඩාලියා දිහා බලපු එක..

"හවුල්කාරයා?? හවුල්කාරයා නෙවේ කෙල්ලෙ... මං තමයි ලී ජෝ ගම් ගේ ආදරවන්ති"

ඉයුන් හා එහෙම කියල ආයෙම ඩාලියා දිහාට නැවිලා ඩාලියාගේ කම්මුල් දෙක මිරිකුවා..

"ඒ නිසා මට නම්බු දීලා කතා කරපන්.."

"ඔහ්... හරි අජුම්මා.. ඉතින්..."

ඩාලියා කට කොනකට හිනාවෙන ගමන් එහෙම ඇහද්දි ඉයුන් හා ගේ කේන්තිය තවත් වැඩි උනා.. ඉයුන් හා ඩාලියාට ගහපු කම්මුල් පාරේ සැරට ඩාලියාගේ මූන පැත්තකට ගියෙ කටට ලේ පිරෙද්දි.. කෙල්ල වේදනාව දරාගන හිනාවුනේ තිරිසන්නු ඉස්සරග අසරන වෙන්න ඕන නෑ කියල හිතුන නිසා..

"යා.. යා... මගෙ ඥාති දුවට ඔහොමද සලකන්නෙ??"

ඒ එක්කම වගේ පිටිපස්සෙන් ඇහුන ලී ජෝ ගම් ගේ කටහඩට ඉයුන් හා ඩාලියා දෙන්නම ඒ පැත්ත බැලුවා.. ජෝ ගම් ඇවිත් ඉයුන් හා ගෙ ඉන වටෙන් අත දාලා තමන් ලගට ගත්තේ ඩාලියා දිහා බලාගනමයි.. තමන්ට වඩා සෑහෙන්න වයසින් බාල කෙල්ලෙක් එක්ක තමන්ගේ සම්චොන් හැසිරෙන විදිය දැක්කාම ඩාලියාට ඇතිවුනේ පිලිකුලක්..

SEESAW✔️Where stories live. Discover now