Chapter 13🌾

1.2K 297 140
                                    


"ආහ්.. මෙන්න අපේ සෙලිබ්‍රිටි එනව!"

ලෙක්චර්ස් පටන් ගන්නකල් බෙන්ච් එකේ වාඩිවෙලා මායි හනී කයියක් ගගහ ඉද්දි ඈතින් අපි දිහාවට ඇවිදගන එන ජිමින් ව දැකලා හනී කෑගහල අත වැනුනා.. ජිමිනාත් ඉතින් එයාගෙ බෝල මූන පිරෙන්නම ලොකු හිනාවකුත් දාගනම අපි ලගට ඇවිත් පුරුදු විදියට මාවයි හනී වයි එහාට මෙහාට කරල අපි දෙන්නගෙ මැද්දෙන් වාඩි උනා..

"ඉතින් සෙලිබ්‍රිටි .. කොහොමද ඔඩිශන්?"

"ආයේ මොනාද කෙල්ලෙ.. මේ ජිමින් ව එපා කියන entertainment company එකක් මේ කොරියාවෙ තියනවද... මං සිලෙක්ටඩ් "

ජිමින් හනී දිහා බලලා කොන්ඩෙත් අතෙන් පස්සට කරන ගමන් හෙන ආඩම්බරෙන් එහෙම කියල පස්සට වෙලා මගෙයි හනියගෙයි කරෙන් අත් දාගත්තා..

"ආයෙ ඉතින් අපිට ජිමින් ව අල්ලන්නත් බැරිවෙයි"

"අයිගෝ මේ මොනාද කියන්නෙ ඩාලියා... ඔයා ඕනෙ වෙලාවක මාව හම්බෙන්න එන්න.. මං අල්ලන්න දෙන්නම්!"

ජිමින් එහෙම කිව්වාම මායි හනී කෑගහගනම ජිමින් ගෙ පිටට දුන්නා පාරවල් දෙකක් දවල් තරු පේන්න! ඒකාට හිනා.. හිනාවෙවී නැගිටල අපි දෙන්නටම ටොකු දෙකක් ඇනගන ප්‍රැක්ටිස් රූම් එකට ගියේ සෙකන්ඩ් රවුන්ඩ් එකට ප්‍රැක්ටිස් කරන්න තියනව කියල ..

කැම්පස් එක ඇතුලෙදි මං යුන්ගි ව අමාරුවෙන් උනත් මගෑරල හිටියේ කටකතා හදාගන්න බැරි නිසා.. මොකද දැනටමත් එයා නැවතිලා ඉන්නෙ අපේ ගෙදර කියන කතාව සෑහෙන්න පිරිසක් අතරෙ පැතිරිලා ඉවරයි..ඒ කොහොම වෙතත් මට එයාව මගාරින්න ලොකුවට මහන්සි වෙන්න උනේ නෑ.. මොකද යුන්ගි ප්‍රැක්ටිස් රූම් එකට ගියාම ලේසියකට එලියට බහින්නෑ..
.
.
.
.
.

"මේ මං ඔයාට බඩ්ඩක් කියන්නද?"

"එපා!"

"ව්..වේ??"

"මං බඩ්ඩක් නෙවෙයිනෙ!!"

හනී කිව්ව එක මට තේරුනේ ටික වෙලාවකට පස්සෙ.. මං හනී ගෙ ඔලුවට දඩ ටොක්කක් ඇනලා එයාවත් ඇදගන ලොන්ජ් එකට ගියේ නම්ජූන් ගැන අදහස ඔලුවට දාන්න හිතාගන..

"හනියෝ..."

"මොකද වදේ.."

"මේ අහනවකෝ"

SEESAW✔️Where stories live. Discover now