Chapter 09🌾

1.1K 291 157
                                    

"ශූ....අඩන්නෙපා.. හොදට හුස්ම ගන්න.. හැමදේම හරියයි.."

සුගා මාව තවත් එයාගෙ පපුවට තුරුල් කරගන්න ගමන් මගේ ඔලුව අතගන්න ගත්තා.. ඇඩුම් මැද්දෙන් මගේ හිත මහ හයියෙන් කෑගෑහුවා.. ඒ එක්කම මම හිටියෙ අසීමාන්තික පුදුමෙකට මූන දෙන ගමන්.. මේ ඉන්නෙ හැමවෙලේම මට දුශ්ටකම් කරන සුදු යකාමද! මගේ හදවත ගැහෙන වේගේ පාලනේකින් තොර වෙලා.. සුගා පනටත් වඩා ආදරේ කරපු කෙල්ලෙක් ඉන්නව කියල දැනගත්තාම මට දැනුනෙ කියාගන්න බැරි දුකක්.. ඒ එක්කම මං හිත හදාගන්න උත්සහ කලා.. සුගා ගෙ ආඩම්බර ආදරේ මට අයිති එකක් නෙවෙයි කියල. ජන්ග්කුක් බෙල්ල මිරිකුව එකටත් වඩා මට ඇඩුනේ සුගා මට අයිති නෑ කියල හිතුන දුකට.. ඒත් මෙයා මේ කරන දේවල් එක්ක මට මගේ හිත හදාගන්න බෑ.. මේ උනුහුම.. මං ඒකට ආසයි.. මට ඕනෙ.. සුගා මට මොනතරම් වෛර කරත් මට ඒ ආදරේ ඕන.. මගේ හිත කිව්වෙම ඕන ඕන කියල විතරමයි.. මං ඇඩුම් මැද්දෙම සුගා ට තවත් තුරුල් උනා..

එයා මගේ ඔලුව අතගාන ගමන් මගේ ඇග වටෙන් අත දාලා මාව තුරුල් කරගන හිටියේ.. ඒත් එකපාරටම මගේ ඔලුවෙ තිබ්බ අත අතගාන එක නතර කලා.. ඊටපස්සෙ  සුගා මාව එයාගෙ පපුවෙන් ඈත් කරලා මගේ මූන ඒ අත්වලට ගත්තා..මං හිටියෙ මොනා කරන්නද කියක හිතාගන්න බැරුව සුගා දිහා බලාගන.. ඒ හීනි ඇස් වල මොකද්දෝ තියනවා.. එයා හිටියෙ අමුතු හැගීමකින් මං දිහා බලාගන. ඒක අනුකම්පාවක් ද නැත්තම් ඊට එහා ගිය දෙයක්ද කියල තෝරගන්න තරම් දැනුමක් මට තිබ්බෙ නෑ.. තප්පරයක් දෙකක් යන්න ඇති...එයා එයාගෙ ඇස් මගේ තොල් දිහාවට ගෙනිච්චා.. ඒ එක්කම හිමීට සුගා මගේ තොල් වලට පහත් උනේ මගේ පපුව ගැහෙන වේගේ දහස් ගුනයකින් වැඩි  කරන ගාමන්..

ඒත් එයා මගේ තොල් වලට එයාගෙ තොල් ලංවෙන්න ඔන්න මෙන්න තියල නැවතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එයා මගේ තොල් වලට එයාගෙ තොල් ලංවෙන්න ඔන්න මෙන්න තියල නැවතුනා.. ටික වෙලාවක් එහෙම්මම ගල්වෙලා වගේ හිටපු සුගා මගේ මූන පැත්තකට ගසලා අයින් කරල මං බලන්නත් කලින් නැගිටල කාමරෙන් එලියට ගියා..

SEESAW✔️Where stories live. Discover now