Chapter 15🌾

1.6K 299 60
                                    

කාලය හරි ඉක්මනට ගලාගන ගියේ Jung herbals company එකට ඩාලියා නිතරම යන්න එන්න ගන්නවත් එක්මයි.. මිස්ටර් ලී ට ඒක ලොකු ප්‍රශ්නයක් උනත් මිස්ටර් ලී ඩාලියා ගෙන් ඒ ගැන අහන හැමවෙලාවකම ඩාලියා හිනාවෙලා මොකක් හරි උත්තරයක් දීලා ඒ ප්‍රශ්නෙන් හරිම ලස්සනට ලිස්සල යනව.. නිතරම කම්පැනි එකට එන්න ගත්ත එක ගැන හෝසොක් උනත් ඩාලියා ගෙන් අහන්න අමතක කලේ නෑ.. ඒ වෙලාවට ඩාලියා කිව්වේ

"ඔප්පා හිතන් හිටියෙ කම්පැනි එකේ තනි අයිතිය ගන්න නේද.. ඒවා කොහෙද මා එක්ක"

ඒ වචන ටිකට හෝසොක් ගෙන් හැමවෙලේම ප්‍රතිචාරයක් විදියට ලැබුනෙ ලස්සන හිනාවක්.. ඒ ලස්සන හිනාව ඇතුලෙ කාටවත් නොකියපු ලොකු දුකක් තියනව කියල ඩාලියා නොදැන හිටියා නොවුනත් නොදන්නවා වගේ පෙන්නුවා..

ඩාලියා නිතරම කම්පැනි එකට යන්න ගත්තේ රූහා ගෙ මරනේ ගැන හොයන එක  වගේම කම්පැනි එක ඇතුලෙ මිස්ටර් ලී කරගන යන ජාවාරම ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබ්බ නිසා.. තමන්ගේ අප්පා මහන්සියෙන් ගොඩනගපු බිස්නස් එක කඩාකප්පල් කරන්න මිස්ටර් ලී ට කොහෙත්ම ඉඩ දෙන්නෑ කියන තැනයි කෙල්ල හිටියේ.. රූහා නැතිවුන කම්පනෙන් ඉන්න හෝසෝක් ගේ දුර්වල කමෙන් මිස්ටර් ලී අයුතු ප්‍රයෝජන ගන්නව කියල ඩාලියා වැඩි දවසක් නොගිහින්ම තේරුම් ගත්තා..තමන් මේතරම් දවසක් මේ කිසිම දෙයක් ගැන හොයල නොබලපු එකට නම් ඩාලියාගෙන් තමන්ට කිසිම සමාවක් ලැබුනෙ නෑ..

මේ දවස් ගානටම ඩාලියාට යුන්ගි ව වගේම හනී,ජිමින් දෙන්නවත් හුගක් මගෑරුනා.. කෙල්ල කැම්පස් යන්නෙම නැති තරම්.  හනී,යුන්ගි දෙන්නා මේ දේවල් ගැන දැනගන හිටියත් ඩාලියා එන්නැත්තෙ ඇයි අහද්දි ජිමින්ට උත්තර බදින්න හනීට සිද්දවුනේ ජිමින් මේ කිසිම දෙයක් නොදන්න නිසා.. ජිමින් හයිබ් එකේ ට්‍රේනී කෙනෙක් විදියට යන්න ගත්තට පස්සෙ නම් හනී  ජිමින්ට  උත්තර බදින එකෙන් නිදහස් උනා..

මොන දේ උනත් ඩාලියා මේ ටිකේම කම්පැනි එකට යන්න එන්න ගත්ත එකෙන් උනේ සේවකයෝ හුග දෙනෙක් ඩාලියා එක්ක හිතවත් උන එක.. ඉයුන් හා නම් හිටියේ කොයිවෙලෙත් ඩාලියා දිහාට රබර් ඇහැ දාගන උනත් කෙල්ල ඉයුන් හා ව සත පහකට ගනන් නොගෙන තමන්ගෙ වැඩ කලා.. ඩාලියා ආව නිසා ද මන්දා හෝසොක් රූහා බලන්න සොහොන ලගට යන එක නතර කලා.. ඩාලියා හෝසොක් ගැන දන්නව උනත් හෝසොක් ඩාලියා තමන් ගැන දන්න බව නොදන්න නිසා කොල්ලා බොහොම අමාරුවෙන් හිත පාලනය කරගන දවසම කම්පැනි එකේ හිටියා..

SEESAW✔️Where stories live. Discover now