Chapter 12🌾

1.4K 304 261
                                    

ඊයෙ යුන්ගි ගෙ කාමරෙන් එලියට ඇවිත් මං කෙලින්ම ආවෙ මගේ කාමරේට.. කොයිවෙලෙ මට නින්ද ගියාද කියල මංවත් දන්නෙ නෑ.. ඒත් උදේ නැගිට්නකොට ඊයෙ උන දේවල් ඔක්කොම
හීනයක් වගෙයි මට දැනුනෙ.. මගේ බෙල්ලෙ තිබ්බ දම්පාට පැල්ලමුයි තොලේ තිබ්බ පොඩි ලේ පැල්ලමයි නොතිබෙන්න මං හිතන්නෙම ඊයේ උන දේවල් හීනයක් කියල.. යුන්ගි මට ආදරෙයි කියයි කියල කවදාවත් එක තප්පරේකටවත් මට හිතිලා නැ.. ඒත් ඊයේ එකපාරටම එයා මට ඒක කිව්වා.. ඒ විතරක් නෙවෙයි අපි කිස් කලා..

කැම්පස් එකට ආව වෙලේ ඉදන් පලවෙනි ලෙක්චර් එකට ගිහින් එනකලුත් මගේ ඔලුවෙ වැඩ කලේ ඊයේ උන දේවල්.. ඒක මතක් වෙන ගානට මගේ බඩ පපුව සීතල වෙලා යනවා.. හනී දෙතුන් පාරක් මොකද වෙලා තියෙන්නෙ කියල ඇහුවත් මං මුකුත් නොකියා හිනාවුනේ උන දේ කටක් ඇරල කියන්න බැරි නිසා..

හිතේ යුන්ගි දකින්න ලැජ්ජාවක් තිබ්බත් උදේ ඉදන් මගේ ඇස් හෙව්වෙ යුන්ගි ව.. එයා උදේ ඉදන් පේන්න නොහිටිය නිසා මං හිටියෙ ටිකාක් විතර දුකෙන්..

"යා.. ඩාලියා! කාවද හොයන්නෙ සුදු යකාවද?"

බෙල්ලත් දික් කරගන ජිමින්ලාගෙ ප්‍රැක්ටිස් රූම් පැත්ත බලාගන හිටිය මං ගැස්සිලා ගියේ හනී ට දෙයියනේ කියල හම්බෙලා තිබ්බ ගාන්ටාර කටහඩට..

"ප්..පිස්සු ද... මං මේ නිකන්"

"අහ්.. නිකන් නම් කමක් නෑ.. හෙව්වෙ සුදුයකා ව නම් එයා අද කැම්පස් එකේ නෑ"

"නෑ?? ඇයි?"

මං ටිකක් කලබලෙන් වගේ එහෙම ඇහුවාම හනියා ට හිනා ගියා..

"ආආආ... හෙව්වෙ නැත්තම් මොකද ඔච්චර උනන්දුවක්?"

"අනේ මේ.. කියනවකෝ ඇයි කැම්පස් එකේ නැත්තෙ?"

"ඇයි අමතකද අද ජිමිනා ගේ ඔඩිශන්.. එයා ජිමිනා එක්ක ගියා උදේම "

හනී කිව්වාමයි මට ජිමින් ව මතක් උනේ.. මං එවෙලෙම ජිමින් ට විශ් කරල මැසේජ් එකක් දැම්මේ මේක කොල්ලාගෙ වැදගත්ම දවසක් නිසා..

දවසම ලෙක්චර්ස් තිබ්බත් ඒ දවසටම මට යුන්ගි ව හම්බුනේ නෑ.. කොයිවෙලේ හරි ගෙදර එනවනෙ කියල හිත හදාගන හනී එක්ක මේන් ගේට් එක පැත්තට ඇවිදගන යනකොට මං දැක්කා යුන්ගි ගේ කාර් එක පාක් එකේ තියනව.. එයා නම්ජූන් එක්ක ලොකු කතාවක්.. යුන්ගි ව දැක්කා විතරයි මට හිතුනෙම එතන්ට දුවගන යන්න උනත් හනී ලඟ හිටපු නිසා මං මාවම පාලනය කරගන හිමින් හිමින් යුන්ගි ව දැක්කෙ නැති ගානට ඒ පැත්තට ඇවිදගන ගියා..

SEESAW✔️Where stories live. Discover now