Chapter 19🌾

1K 282 111
                                    

හ්‍යුන්.. හෙට අන්තිම නඩුව"

ජන්ග්කුක් යුන්ගි ගේ කාමරේ දොරෙන් එබිලා බලලා එහෙම කියද්දිත් කොල්ලා හිටියේ සිගරට් එකක් කටේ ගහගන ජනේලෙන් එලියේ බලාගන.. ජන්ග්කුක් ටික වෙලාවක් යුන්ගි දිහා බලාගන ඉදලා කාමරෙන් යන්න හදනකොටම යුන්ගි ජන්ග්කුක් ව නවත්තගත්තා...

"ජන්ග්කුකා...."

"දේ හ්‍යුන්"

"ඩාලියා හෙටවත් එයිද?"

යුන්ගි අහපු ප්‍රශ්නෙට ජන්ග්කුක් නිරුත්තර උනේ දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුන නිසා.. ජෝගම් පලවෙනි නඩූ වාරෙදි යුන්ගි ඩාලියාව දකින්න බලාපොරොත්තු උනත් කෙල්ල උසාවියට ආවේ නෑ.. එදා සිද්දියෙන් පස්සෙ ඩාලියා යුන්ගිට කොල් එකක් වත් නොදුන්න එක යුන්ගි ගෙ හිත අන්තෙටම රිද්දන්න හේතුවක් උනා.. යුන්ගිට දහස් වාරයක් ඩාලියා බලන්න යන්න හිතුනත් යුන්ගිගේ කෙනෙක් ලග නැමෙන්නැති ගතිය වගේම හොස්පිටල් එකේදි ඩාලියා කතා කරපු විදිය ඒකට හරස් උනා..

"හ්‍යුන් මං...."

"අනී.. ඒවයෙන් වැඩක් නෑ.. හෙට වැඩේ ලෑස්තිද? කිසිම ලීක් එකක් වෙන්න බෑ"

"දේ හ්‍යුන්... මං ඒක බලාගන්නම්.. ජෝගම් මගේ භාරේ තමයි කොහොමත් ඉන්නෙ"

"අරස්සෝ..."

යුන්ගි එහෙම කියලා ආයෙම අනිත් පැත්ත හැරිලා දුම් වලාවක් එලියට යැව්වා.. ජන්ග්කුක් බර හුස්මක් අරගෙන දොරත් වහල එලියට ගියේ හිතේ ඇතිවුන කලකිරීම එක්කමයි..

"නූනා... හ්‍යුන්ට මෙහෙම කරන්නෙපා..."

යුන්ගිගේ කාමරේ දොරට හේත්තු වෙලා ඇහෙන නෑහෙන ගානට එහෙම මුමුනපු ජන්ග්කුක් එතනින් යන්න ගියේ ඇස් වල කදුලු පුරෝගන..
___________________________

ඩාලියා ඇරෙන්න අනිත් හැමෝම හිටියේ ජෝගම් ගේ අන්තිම නඩුව බලන්න කෝට් එකට ඇවිත්.. යුන්ගි ගෙ හිතේ ඩාලියාව දකින්න පුලුවන් වෙයි කියල තිබ්බ පොඩි බලාපොරොත්තුවත් කෝට් එක ඇතුලට එද්දිම නැතිවෙලා ගියා..

ඩාලියා ගැන නොහිතා ඉන්න කොයිතරම් උත්සහ කලත් කොල්ලට ඒක කරගන්න බැරිවුනේ අවුරුදු ගානකට පස්සෙ හිතේ ඇතිවුන ආදරේ ලේසියෙන් මරලා දාන්න බෑ කියල යුන්ගි ට ඒත්තුගන්නන ගමන්..

SEESAW✔️Where stories live. Discover now