chapter 05🌾

1.1K 292 108
                                    

Seesaw🌾
Chapter 05

කියාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එද්දි මං අමාරුවෙන් ඇස් ඇරියෙ මූනට වැටුන එලිය වැඩිකමට තවත් ඇස් වහගන ඉන්න බැරිවුන හින්දා.. හිමීට ඇස් ඇරියත් මට දැනුනෙ මගෙ ඇස් උඩ ලොකු ගල්ගෙඩි දෙකක් තියල වගේ බරක්.. අමාරු පිටම මං ඇස් ඇරලා මුලින්ම කලේ ඇදේ ඉදගන්න ට්‍රයි කරපු එක..මගේ කකුල් දෙක ලග හනියා නිදි.. එයාගෙ කකුල් දෙක මගේ ඔලුව ගාව

හිමීට නැගිටල ඇද මිට්ටමට පිට දීලා මං ඉදගත්තා.. ඔලුව කැරකෙන ගතිය ටිකක් අඩුවෙනකල් මං එහෙම්ම හිටියා.. උන කිසි දෙයක් හිතාගන්න බැරිවුනත් මං කල්පනා කලේ මගේ ඔලුව මේ තරම් රිදෙන්නෙ ඇයි කියලා.. හනියා තාම පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදි.. එකපාරටම මට මතක් උනේ ඊයේ රෑ අපි දෙන්නම මිදුලට වෙලා ඉන්නවා.. ඒත් ඇයි අපි මහ රෑ මිදුලේ

සුදු යකා!!!

මට එකපාරටම ඔක්කොම දේවල් ඔලුවට ආවා. මායි හනියයි සුදු යකා ගේ කෙල්ලව බලන්න හොරෙන්ම එයා පස්සෙන් ගියා.. වෑන් එකක් ආවා.. අපි තාප්පෙකට මුවා වුනා.. ඒත් එකපාරටම...

මට එතනින් එහාට කිසිම දෙයක් මතක් උනේ නෑ.. අඩුම අපි ඇදට ආවෙ කොහොමද කියලවත්..
මං ටික වෙලාවක් එහෙම්ම කල්පනා කලෙ අපි ඇත්තටම මහ රෑ ඒ වගේ ගමනක් ගියාද කියල.. එහෙනම් ඇයි මට මුකුත් මතක නැත්තේ??

හීනයක්.. මං විකාර හීනයක් දැකලා..

මං මගේ ඔලුවත් කස කස හනී ගේ පස්ස තට්ටුවක් දාගනම වොශ් රූම් එකට ගියේ කැම්පස් යන්න තියන නිසා..
.
.
.
.
මං වොශ් දාගන එනකොට හනියත් නැගිටලා හිටියා.. ඒකා තනිකර අලුතෙන් පිස්සු හැදුන එකෙක් වගේ.. කොන්ඩෙත් අවුල් කරගෙන ඔලුවත් කස කස ඇද මිට්ටමට හේත්තු වෙලා ඉන්නවා. දැක්කම හිනාත් යන්න එනවා.. මං කොන්ඩේ පිහිද පිහිද හනී ලගින් ඉදගත්තා

"ගිහින් වොශ් දාගන එනවා! ලෙක්චර්ස් යන්නැද්ද අද"

මං හනීගෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ තව ටිකක් අවුල් කරලා ක්ලෝසෙට් එක ගාවට ගියේ ඇදුමක් ඇදගන්න.. එකපරටම හනියා මගේ අතෙන් ඇදලා මාව වාඩිකෙරෙව්වා..

"ඊයේ අපි තාප්පෙට මුවා උනාට පස්සෙ මොකද බන් උනේ??"

හනී එහෙම අහනකොට මගෙ කට ඇරුනා බඩ ගාවට..

SEESAW✔️Where stories live. Discover now